සමන් ගමගේ
විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු වැඩබලන ලේකම්වරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ අලූත්කඬේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව ගණනාවකින් ලබාගත් ප්‍රකාශ අනුව පසුගිය රජයේ හිටපු රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතාගෙන් ගිහාන් පිලපිටිය මහතාට තර්ජන එල්ල වී ඇතැයි සනාථ වන බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජනාධිපති ලේකම්වරයාට යවන ලද වාර්තාවක ස`දහන්ව තිබේ.
විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ පදනම් කරගෙන වැඩබලන පොලිස්පතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට මෙම වාර්තාව යොමු කර ඇත.
විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා මෙම වාර්තාව ජනාධිපති ලේකම්වරයාට ඉදිරිපත් කර ඇත.
විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් 2015-2016 වසරවලදී ලද පැමිණිල්ලක් මත, දැනට වැඩ තහනමට ලක්ව ඇති විනිසුරුවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බව මෙම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් එවකට හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ද ස`දහන් කර තිබේ.
එසේ ආරක්ෂාව තර කිරීමට අදාළ ලිඛිත තොරතුරු පොලිස් මූලස්ථාන ලිපිගොනුවේ තිබිය යුතු බවද හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා කමිටුවට ප්‍රකාශ කර ඇත.
එවකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ ගිහාන් පිලපිටිය මහතා තමාට තිබෙන තර්ජන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව විමර්ශනයක් ද සිදු කර ඇති අතර රංජන් රාමනායක මහතා සම`ග විනිසුරු ගිහාන් පිලපිටිය මහතා දුරකථන සංවාද පවත්වා ඇත්තේ එම විමර්ශන කණ්ඩායම ලබාදුන් උපදෙස් අනුව බවද වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජනාධිපති ලේකම්වරයාට යවන ලද වාර්තාවේ දක්වා ඇත.
- Hits: 373