Divaina - උකුලේ සිටි 4 හැවිරිදි පුතා අතින් ඇක්ස්ලේටරයේ වේගය වැඩිවුණා මට ත‍්‍රිරෝදය පාලනය කර ගන්න බැරිවුණා - පියා සාක්‍ෂි දෙයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

නන්පෙරියල් පාරේ අනතුරින් මියගිය  8 හැවිරිදි දරුවාගේ  මරණ පරීක්‍ෂණය

සිද්ධිය වූ තෛපොංගල් දිනයේ (15 දා) මමත් පුතාල දෙන්නාත්, ඥාතියකුගේ දරුවකුත් ත‍්‍රිරෝද රථයෙන් නන්පෙරිල් වත්තේ පහළ කොටසේ තිබෙන කෝවිලට එමින් සිටියදී ත‍්‍රිරෝද රථය වංගුවේ තිබූ බැම්මේ හැපී පෙරළුණා. වහාම මම පිටුපස අසුනේ සිරවී සිටි දරුවන් දෙදෙනා ඉවතට ගත්තා. එහිදී අවුරුදු අටක් වයස මගේ පුතාට අමාරුයි වගේ දැනුණා. වහාම වාහනයක් ගෙන්වාගෙන බළන්ගොඩ රෝහලට ගෙන ගියා. එහිදී ඔහු මියගියා. මෙම වංගු සහිත මාර්ගයේ රථය හිමින් පැදවුවත් උකුලේ සිටි මගේ (වයස අවුරුදු 4) පොඩි පුතා අතින් ඇක්ස්ලේටරය කැරකැවී වේගය වැඩුවුණා. එහිදී මට රථය නතර කර ගන්න නොහැකි වුණා.

බළන්ගොඩ නන්පේරියල් මාර්ගයේදී සිදුවූ ත‍්‍රිරෝද රථ අනතුරින් මියගිය පුෂ්පනාදන් මිදුෂාන් නමැති 8 හැවිරිදි දරුවාගේ මරණය පිළිබඳව බළන්ගොඩ මූලික රෝහලේදී 16 දා පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් එම ප‍්‍රකාශය කළේ දරුවාගේ පියා වූ නඩරාජා පුෂ්පනාදන් නමැති අයයි.

පශ්චාත් මරණ පරීක්‍ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛi නිලධාරි බී. එන්. ගුණවර්ධන මහත්මිය විසින් සිදුකරන ලදී.

සාක්‍ෂි මෙහෙයවීම සමනළ වැව පොලිස් මුරපළේ පො.සැ. (42624) රවීන්ද්‍ර කුමාර් මහතා විසින් සිදු කෙරිණි.

මෙය මොළයට සිදුවූ හානි නිසා සිදුවූ හදිසි මරණයක් බවට බළන්ගොඩ වැඩබලන නාගරික හදිසි මරණ පරීක්‍ෂක එස්. එම්. අයි. ඞී. මීගස්දෙනිය මහතා තීරණය කළේය.

ත‍්‍රිරෝද රථයේ රියැදුරු වූ මියගිය දරුවාගේ පියා පොලිස් ඇප මත මුදාහැරිණි. ඔහු සතුව වාහන පැදවීමේ බලපත‍්‍රයක්ද නොතිබූ හෙයින් මේ පිළිබඳ අධිකරණ කටයුතු ඉදිරියේදී සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.

බළන්ගොඩ - එන්. එච්. පියසේන
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles