අනුරාධ හිරිපිටියගේ
රනිල් - සජිත් නායකත්ව අර්බුදය නිසා ඊළඟ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර පනහක්වත් ගැනීමට නොහැකිව පල්ලම් බහින බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා zදිවයිනZට ඊයේ (17 දා) පැවසීය.
ජනාධිපතිවරණයෙන් පැරදුණු සජිත් ප්‍රේමදාස මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වර්ණනා කරමින් ඉදිරි මහ මැතිවරණයෙන් දිනා අගමැති වීමේ හීනයක් දකිමින් සිටින නමුත් මැතිවරණයෙන් පසු ඔහුට සිදුවන්නේ විපක්ෂ නායක ධුරය ද රනිල් වික්‍රමසිංහ මහතාට පුද දී සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණක් වීමට යෑයි ද ඩී. වී. චානක මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කර වෙනත් දිස්ත්‍රික්කයකට යෑවීමට මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ද චානක මන්ත්‍රීවරයා කීවේය.
සජිත් පාර්ශ්වයට විරුද්ධ µයිල් රනිල් පාර්ශ්වය විසින් ද රනිල් පාර්ශ්වයට විරුද්ධ µයිල් සජිත් පාර්ශ්වය විසින් ද මේ වන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන බවද කී මන්ත්‍රීවරයා ඒ නිසා එජාපය අමුතුවෙන් විවේචනය කිරීමට ආණ්ඩුවට වුවමනාවක් නැතැයි ද සඳහන් කළේය. එජාපයේ මන්ත්‍රීවරුන් දෙපැත්තකට වී කඹ ඇද ගනිමින් පක්ෂය ද විනාශ කරමින් සිටින බව ඩී. වී. චානක මහතා වැඩිදුරටත් කීවේය.