Divaina - නඩු තීන්දුවලට බලපෑම් කර ඇත්නම් අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගත යුතුයි - රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p5 2රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාගේ දුරකථන හඬපටවලින් හෙළි වී ඇති පරිදි අධිකරණ විනිශ්චයකාරවරුන්ට බලපෑම් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගනු ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා (14 දා) පොල්හේන්ගොඩ පිහිටි එම අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මේ නිසා රජය මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තබන බවද දැනට හෙළි වී ඇති දුරකථන හඬපට සාක්ෂි ඒ සඳහා ප‍්‍රමාණවත් බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

විනිශ්චයකාරයෙක් හෝ විනිශ්චයකාරවරියක් දුරකථන සාකච්ඡුාවකදී දේශපාලනඥයකුගෙන් උසස්වීමක් සඳහා ඉල්ලීමක් කරනව නම් එවැනි දෙයක් සිදුවිය යුතු දෙයක් නෙවෙයි. මේ නිසා මේ ගැන අධිකරණ සේවා කොමිෂන් සභාව කි‍්‍රයාකළ යුතුමයි. දැන් බලන්න ඔය දුරකථන හඬපටවලින් සාකච්ඡුා වූ නඩුවල තීන්දු ගැන මහජනයා තුළ අවිශ්වාසයක් ඇතිවෙලා තියෙනවානේ. කිසිදෙයක් කරගන්න බැරි අහිංසක මිනිහෙකුට මේ දේ වුණා නම් යම් බලගතු පාර්ශ්වයක් මැදිහත්වෙලා බලපෑමක් සිදුකරල ඒ ගැන කාට කියන්නද? ඒකට තියන එකම තැන අධිකරණ සේවා කොමිෂන් සභාවයි. ඒකට මේ ගැන විශේෂයෙන් හොයන්න පුළුවන්. අදාළ නඩු තීන්දුවලින් අගතියට පත් වන පාර්ශ්වයන්ටත් අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනයාටත් ඒ සඳහා ඉඩදී ඇති බවද රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා මහතා වැඪි දුරටත් පැවැසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles