Divaina - මත් සිරකරුවන්ගෙන් වසරකට රුපියල් බිලියනයක ආදායමක්...... - මත්ද්‍රව්‍ය උවදුර මඩිමින් රටට ආදායම් සොයන යෝජනාවලියක් - මේජර් නිශ්ශංක සේනාධිපති අගමැතිට භාර දීලා

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

විවිධ මත්ද්‍රව්‍ය වැරදිවලට බන්ධනාගාරගතව සිටින රැුඳවියන් යොදාගෙන රජයට අමතර ආදායමක් ද ලබමින් මත්ද්‍රව්‍ය උවදුර 80% කින් අවම කළ හැකි යෝජනාවලියක් සහිත සංදේශයක් ඇවන්ගාඞ් අධිපති මේජර් නිශ්ශංක සේනාධිපති විසින් පසුගිය 12 වැනිදා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යවා ඇතැයි ඇවන්ගාඞ් ප‍්‍රකාශකයෙක් දිවයිනට පැවසීය.

එමගින් සුළු මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවී රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින 5000 ක් පමණ වන රැුඳවියන් යහමගට ගෙන, එමගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ බෙදාහැරීම් ජාලය අඩපණ කර එම තරුණ ශ‍්‍රම දායකත්වය වෘත්තීය පුහුණුව මගින් ශක්තිමත් කර වර්තමානයේ මේ රටේ ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය තුළ පවතින පුහුණු ශ‍්‍රම අවශ්‍යතාවය ඉටු කර ගනිමින් වසරකට රුපියල් බිලියනයකට වැඩි ආදායමක් රජයට ලබා ගත හැකි බව මෙම යෝජනාවලිය තුළින් සේනාධිපති මහතා රජයට පෙන්වා දී ඇතැයි ප‍්‍රකාශකයා පවසයි.

දැනට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින මේජර් නිශ්ශංක සේනාධිපති මෙම යෝජනාවලිය සකසා ඇත්තේ දින 30 ක් පමණ කාලයක් වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටිය දී බන්ධනාගාරයේ කරන ලද සමීක්‍ෂණයක් ඇසුරින් බව ප‍්‍රකාශකයා වැඩිදුරටත් පවසයි.

රජය මේ වන විට කොතරම් මත්ද්‍රව්‍ය වැටලීම් කළත් 100% ක් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට එය ප‍්‍රමාණවත් වී නැත්තේ තවමත් ජාවාරම්කරුවන් සතුව තිබෙන බෙදාහැරීම් ජාලය බලවත් නිසා බව පෙන්වන එම ප‍්‍රකාශකයා කියන්නේ තම සභාපතිවරයාගේ යෝජනාව තුළින් මුළුමනින්ම එම බෙදාහැරීම් ජාලය අඩපණ කර මෙම ජාවාරම 80% කින් පමණ මැඩ පැවැත්විය හැකි බවයි.

ඒ සඳහා සුළු වැරදිවලට බන්ධනාගාරගත වෙමින් නැවත නිදහස් වෙමින් නැවත නැවතත් වැරදිවලට හසුවෙමින් බන්ධනාගාරගත වන රැුකියා විරහිත තරුණ පරපුර වෙනත් මගකට යොමු කළ යුතු බව තම සභාපතිවරයා පෙන්වා දී ඇතැයි ප‍්‍රකාශකයා කියයි.

ඇවන්ගාඞ් යෝජනා කරන්නේ 5000 ක් පමණ වන රැුඳවියන් සිය වසර 5 ක් පමණ දඬුවම් කාලය තුළ පුළුල් වෘත්තීය පුහුණුවකට තෝරාගෙන ඔවුන්ට සමාජයට වැඩදායී පුද්ගලයන් ලෙස අභිමානයෙන් ජීවත්වීම පිණිස බර වාහන රියදුරු, ෆෝක් ලිෆ්ට් ඔපරේටර්, විදුලි කාර්මික, ඇ`ගලූම් තාක්‍ෂණික කාර්මික, මේසන් ජල නළ කාර්මික ආදී ක්‍ෂේත‍්‍රයන්හි මනා පුහුණුවක් හා ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ජර්මන්, අරාබි ආදී ලෝකයේ ප‍්‍රධාන භාෂාවන් මනාසේ හැසිරවීම පිළිබඳව මනා පුහුණුවක් ද ලබා දීමෙන් අනතුරුව ඔවුන්ට මේ රටේ රැුකියා අවස්ථා ලබා දීම තුළින් රජයට වසරකට රුපියල් බිලියනයක ආදායමක් ලබා දෙන බවයි.

මුළු ව්‍යාපෘති කාල සීමාව වන වසර 5 කට පසුව, සිය දඬුවම් කාල සීමාව අවසන් කර සමාජගත වන රැුඳවියන්ගෙන් 80% ක් පුහුණු කාර්මිකයන් වශයෙන් යුරෝපීය රටවල හා මැද පෙරදිග රටවල ඩොලර් 5000 ක මාසික වැටුප් ලබන රැුකියාවන් පිණිස අනුයුක්ත කර දීමේ භාරදූර වගකීමද ඇවන්ගාර්ඞ් සභාපතිවරයාම භාර ගන්නට යෝජනා කර ඇතැයිද පැවසේ. මෙමගින් රටට ලැබෙන විදේශ විනිමය වසරකට ඩොලර් මිලියන 240 ක් හෙවත් රුපියල් බිලියන 43 ක් (රුපියල් මිලියන 43000 ක්.* බව මෙම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බුලිත ප‍්‍රදීප් කුමාර

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles