Divaina - සූදු පිටියේ මුදලට බුරුවා ගැසූ කාන්තාවන් 07 පොලිස් දැලේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 cardහික්කඩුව වැල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පිටියක් වටලා මුදලට බුරුවා ගසමින් සිටි කාන්තාවන් 07 දෙනෙකු හා නිවෙස් හිමි කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.

මෙකී සූදු පිටිය පවත්වාගෙන ගොස් ඇත්තේ නිවෙස් හිමි කාන්තාව විසින් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් කාන්තාවන් මුදලට බුරුවා ගැසීම සඳහා මෙකී නිවසට

කොස්ගොඩ, අලූ‍ත්ගම ආදි විවිධ ප‍්‍රදේශවලින් පැමිණ සිට ඇති බව පොලිසිය පවසයි. මොවුන් ජංගම දුරකථන මාර්ගයෙන් කථාබස්කර ගනිමින් කොස්ගොඩ, අලූ‍ත්ගම, හික්කඩුව ආදී විවිධ ප‍්‍රදේශවල පිහිටි හිතවතුන්ගේ නිවෙස්වලට ගොස් බුරුවා ගැසීමේ නිරතව ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම කාන්තාවන් බුරුවා ගැසීමේ නිරත කාන්තාවන් පිරිසක් බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර තරුණියක්ද සිටි බව පොලිසිය පවසයි. මෙම කාන්තාවන් වයස අවුරුදු 40 ඇතුළු විවිධ වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පවසයි.

සැකකාරියන් හා සැකකරු ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හික්කඩුව පොලිස් ස්ථානාධිපති පී.එල්. කිර්තිසිංහ, උපොප වෙලතන්ත‍්‍රී, පොකො 84903 ලක්මාල්, පොකො 68130 මහේෂ්, පොලිස් ආරකෂක සහායක 1862 සෙයිසා, කාපොකො 9605 උයංගනී, කාපොකො 8264 මදුවන්ති යන නිලධාරින් හා නිලධාරිණියන් මෙම වැටලීම සඳහා එක්වූහ.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles