Divaina - රැඳවියන්ට කුඩු බෙදූ බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

බන්ධනාගාර රැඳවියන්ට හෙරොයින් මත්කුඩු බෙදා හැරිය බව කියන වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් 12දා උතුරු කළුතර උග්ගල්බඩ 1 කණුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු උතුරු කළුතර මල්වත්ත ප‍්‍රදේශයේ කළුතර බන්ධනාගාරයට සමීපව පදිංචිව සිටින අයෙකු වන අතර මුලින් කළුතර බන්ධනාගාරයේ සේවයේ යෙදී සිට පසුව වැලිකඩ බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබූ අයෙකි.

මොහු මේ වනවිට වැලිකඩ

බන්ධනාගාරයේ කාර්මික කොමසාරිස්වරයා යටතේ බන්ධනාගාර නියාමකවරයකු ලෙස සේවය කරන අයෙකු වන අතර මොහු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 10 මිලි ග‍්‍රෑම් 700 ක් පොලිස් භාරයට ගෙන ඇත.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් 07 වැනිදා උතුරු කළුතර දෙදියවලදී ති‍්‍රරෝද රථයකින් ලක්‍ෂ 50 ක් පමණ වටිනා හෙරොයින් ග‍්‍රෑම් 530 ක් ප‍්‍රවාහනය කරමින් සිටි යුවළක් හා 16 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ලද තොරතුරු අනුවය.

එම යුවළ සහ 16 හැවිරිදි සිසුවා මේ වනවිට කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදෙන ලද රැුඳවුම් නියෝග යටතේ ප‍්‍රශ්න කරමින් සිටිති.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා 12දා සවස වැඩිදුර විමර්ශන සඳහා උතුරු කළුතර පොලිසියට භාරදුන් අතර අද (13දා) ඔහු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කළුතර කොට්ඨාස භාර වැඩබලන පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නිලංග සංජීව, පොලිස් පරීක්‍ෂක වීරසිරි, සැරයන්වරුන් වන දයාසේන (26019), ජයන්ත (17668), වීරසේන (55202), රත්නායක (37109), කොස්තාපල්වරුන් වන ජගත් (41055), මුණසිංහ (50880), සරත් (49251), ගුණවර්ධන (44817), ගයාන් (76034), ගුණවර්ධන (85848), මලින්ද (968), පි‍්‍රයන්ත (95150), කොස්තාපල්වරියන් වන දිලූපා (2678), වත්සලා (7602), රියැදුරු සැරයන් (80621), තිලකරත්න යන මහත්ම මහත්මීන් මෙම වැටලීමට එක්ව සිටියහ.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles