Divaina - කෑගල්ල පවුල් දෙකක් ගැටී ඇසිඞ් ප‍්‍රහාරයකින් 8 දෙනෙක් රෝහලේ - දෙදෙනෙකුට බරපතළයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කෑගල්ල, බුලත්කොහුපිටිය, වෑවල, මොරොන්තොට ප‍්‍රදේශයේදී 11 දා රාත‍්‍රී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් එල්ල වූ ඇසිඞ් ප‍්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනකු පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය කියයි.

පෙරේදා රාත‍්‍රි 9.00 ට පමණ මෙරොන්තොට ප‍්‍රදේශයේ පවුල් දෙකක සාමාජිකයන් අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම ඇසිඞ් ප‍්‍රහාරය එල්ල වී ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූ එම පිරිසගෙන් ඊයේ කෑගල්ල රෝහලේදී ප‍්‍රකාශ ලබාගත් බවද පොලිසිය කියයි.

මේ පිළිබඳව බුලත්කොහුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රදීප් විජේසේකර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක සමරවීර, පොලිස් කොස්තාපල්වරුන් වන දසනායක (52306*, සුරේෂ් (92640*, පේ‍්‍රමරත්න (82710*, පොලිස් කොස්තාපල් රියැදුරු සඳරුවන් (89900* යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ වසන්ත සමරවර්ධන - බුලත්කොහුපිටිය
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles