Divaina - විදෙස් රටවලින් ගෙනා කැළිකසළ ගැන වාර්තාවක් දෙන්න පහසුකම් නැහැ - රජයේ රස පරීක්ෂක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- අතුරු නියෝගය 18 දා තෙක් දිගු කරයි

විදේශ රටවලින් ආනයනය කර ඇති අපද්‍රව්‍ය අඩංගු කැළිකසළ වෙනත් කිසිදු ස්ථානයකට  ගෙනයෑම වළක්වමින් නිකුත් කොට ඇති අතුරු තහනම් නියෝගය ලබන 18 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය 12 දා නියෝග කළේය.

එම කැළිකසළවල අඩංගු අපද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති බව පෙන්වා දෙමින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ නියෝගය එදින නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන විනිසූරු මඩුල්ල හමුවේදී 12 දා කැඳවිණි.

මේ වනවිට කොළඹ වරාය පරිශ‍්‍රයේ හා කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ පිහිටි හේලීස් ෆි‍්‍ර සොන් සමාගම් පරිශ‍්‍රයේ ගොඩ ගසා ඇති විදේශ රටවලින් ආනයනය කර ඇති කැළිකසළවල අඩංගු අපද්‍රව්‍යවලින් ආදර්ශ නියැදි ලබාගෙන ඒවා මිනිස් සිරුරට හා පරිසරයට කොතරම් හානි දායක දැයි පරීක්ෂා කොට වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් තම දෙපාර්තමේන්තුවට නොමැති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම් දීම පිළිබඳව ඊළඟ දිනයේදී අධිකරණයට ලිඛිතව දැනුම් දීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles