Divaina - වරිපනම් බදු රුපියල් එක්දහස් එකසිය දොළහ නොගෙවීම ගැන ඉඩම විකුණා අලාභය ගන්නැයි ප‍්‍රාදේශීය සභාවට නියෝග

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

වරිපනම් බදු රුපියල් එක්දහස් එකසිය දොළහක් සහ ශත 16 ක් ගෙවීම පැහැරහරිමින් උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාවට එරෙහිව ක‍්‍රියාමාර්ග ගෙන තිබූ අයකුගේ දේපළ තහනම් කොට ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම අලාභය අයකර ගන්නැයි කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය නියම කළාය.

කොළඹ - කුලියාපිටිය ප‍්‍රධාන මාර්ගයට මුහුණලා බිබිලාදෙණිය ප‍්‍රදේශයේ පිහිටි පර්චස් 20 ක පමණ වපසරියකින් යුතු ඉඩමක් එසේ නිශ්චල දේපළ තහනම මගින් තහනම් කර තිබුණේ එම ඉඩම අයත් සුජීව කැලූම් නමැත්තෙක් එම දේපළ ස`දහා ගෙවිය යුතු වරිපනම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙනි.

මාස 6 ක පමණ කාලයක් විභාග වූ අදාළ නඩු කටයුත්ත සිදු වෙමින් පැවති අවස්ථාවේ චංචල දේපළ ඇත්නම් එ් පිළිබ`දව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධිකරණය මගින් පිස්කල්වරයාට නියෝග කර ඇතත්, එවැනි දේපළ කිසිවක් නොවූයෙන් අදාළ ඉඩම තහනම් කිරීමට පියවර ගෙන තිබිණ.

උඩුබද්දාව ප‍්‍රාදේශීය සභාවේ කළමනාකාර සහකාර නාරද පියසේන මහතා සමගින් නීතිඥ සුපුන් අධිකාරි මහතා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවිය.

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles