Divaina - පොලූ හා ගල්වලින් පහරදී අනියම් බිරිඳ ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සිය අනියම් බිරිඳගේ හිසට ගල්වලින් පහරදී ඝාතනය කල පුද්ගලයෙක් සැකපිට ඊයේ (09 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගත්බව දොඩම්ගොඩ පොලිසිය කියයි.

දොඩම්ගොඩ, තුඩුගල හෙට්ටියාවත්ත වතුයායේ පදිංචි දමිළ කාන්තාවක් 07 දා රාති‍්‍ර ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පරීක්‍ෂණ කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

යායකැලේ වත්ත මොරගහහේන, මිල්ලෑව ලිපිනයේ පදිංචි සංඝපිල්ලේ රාසයියා සරෝජනි නමැති 36 හැවිරිදිි කාන්තාවගේ මළසිරුර හිසට ගෙලට මුහුණට ඇතුළු ශරීරයේ කිහිප පලකට සිදුවු තුවාල සහිතව හමුවී තිබූ බවත් ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු ප‍්‍රදේශය හැර යමින් සිටියදී පොලිස් පරීක්‍ෂක ගයාන් කි‍්‍රෂාන්ත ඇතුළු පොලිස් කණ්ඩායම වස්කඩුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව මීට ප‍්‍රථම පුද්ගලයින් තිදෙනෙක් සමග විවාහ ජීවිත ගතකර ඇති අතර පසුගිය අගෝස්තු මාසයේ ප‍්‍රධාන සැකකරු සමග වතුයායට පැමිණ එහි නතරවී එකට ජීවත් වී ඇති බවත් ඔවුන් දෙදෙනා අතර නිතර නිතර අඬදබර සිදුව තිබේ.

ඝාතනයට සිදුව ඇති දින රාති‍්‍රයේද දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත් නිවසට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි රබර් යායක් අසලදී දෙදෙනා අතර පොර බැඳීමක් සිදුව ඇති බවත් සැකකරු ඇයට රබර් පොල්ලකින් පහරදී ගල්වලින් හිසට පහරදී ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

බොරළුකැටිය උරගස්මංහන්දියේ පදිංචි 37 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් බණ්ඩාර මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගයාන් කි‍්‍රෂාන්ත, උප පොලිස් පරීක්‍ෂක මහින්ද බණ්ඩාර, කොස්තාපල් (39088) අමිල පරීක්‍ෂණ සිදුකරති.

බණ්ඩාරගම - ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක සහ කළුතර සමුහ විජයසිරි විද්‍යාසේකර
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles