Divaina - පැමිණිල්ලක් දමන්න පැමිණි කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ මිරිහාන ස්ථානාධිපතිවරයකුගේ වැඩ තහනම්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට පැමිණි  කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන මිරිහාන පොලිස් ස්ථානයේ ඒකකයක ස්ථානාධිපතිවරයකුගේ වැඩ තහනම් කිරීමට බස්නාහිර දකුණ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතා 07 දා පියවර ගෙන ඇත.

පැමිණිලිකාර කාන්තාව ෆේස් බුක් සමාජ ජාලය ඔස්සේ හඳුනාගත් තරුණයකුගේ

ගිණුමකට රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් බැර කිරීමෙන් පසු ඔහු තමාව මගහරින බවත් එම මුදල් ලබාගැනීම සඳහා පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ ස්ථානාධිපතිවරයා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවත් ඇය පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා ඇයට නොයෙක් යෝජනා කරමින් නිතර දුරකථන ඇමතුම් ලබාදෙන නිසා ඇය බස්නාහිර දකුණ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතා දැනුවත් කර ඇත.

ඒ අනුව විමර්ශන පැවැත්වීම සඳහා සහකාර පොලිස් අධිකාරී ලූඩවයිට් මහතාට බාරදීමෙන් පසු පැවැත්වූ විමර්ශනයෙන් පසු පොලිස් පරීක්‍ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත.

චමින්ද සිල්වා, පින්සිරි ආරියරත්න - රත්මලාන

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles