Divaina - ගෙවුණු මාස 11 ට කොළඹින් ඩෙංගු රෝගීහු 3882 ක් සොයා ගැනෙති

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

dengueමෙම වසරේ (2019) ගතවූ මාස 11 යි දින 10 ක කාලය තුළ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්ම ඩෙංගු රෝගීන් 3882 දෙනකු හමුවී ඇති බවත්, එම කාලය තුළ ඩෙංගු මරණ 4 ක් වාර්තාවන බවත් කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා ‘‘දිවයින’ට ඊයේ (09 වැනිදා) පැවැසීය.

ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළොන්නාව, නුගේගොඩ, මහරගම, කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, මෝදර, මට්ටක්කුලිය, කිරුළ, කිරුළපන යන ප‍්‍රදේශවලින් බවද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී කතා කළ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා මෙසේද කීය.

දැන් ඩෙංගු රෝගය සඳහා ඉතාම හොඳ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් ලංකාව තුළ තිබෙනවා. ඒ නිසා උණක් නම් දෙවැනි දවසේම වෛද්‍යවරයෙකු ළ`ගට ගිහින් රුධිර පරීක්‍ෂාවක් කරන්න. එහිදී රුධිර පට්ටිකා ෙසෙල ප‍්‍රමාණය ලක්‍ෂයකට වඩා අඩුනම් අනිවාර්යයෙන්ම රෝහල් ගතවෙන්න. ගොඩක් වෙලා තියෙන්නේ බොහෝ දෙනා තමන්ගේ රෝග තත්ත්වය ගැන සැලකිලිමත් නොවීමයි. මේ නිසා ප‍්‍රමාද වෙලා පැමිණීමෙන් තමයි තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිදු වෙන්නේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles