Divaina - හිඟය සහ මිල පාලනය කිරීම සඳහා ගබඩා 27 ක වී තොග සහල් කිරීමට මෝල් හිමියන් වෙත නිකුත් කරනවා - අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

වෙළඳපොලේ පවතින සහල් හිඟය සහ මිල පාලනය කිරීම සඳහා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගබඩා 27 ක තිබෙන වී තොග සහල් බවට පත්කිරීම සඳහා වී මෝල් හිමියන් වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බව අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පැවසීය.

මේ වන විට සම්බා වී කිලෝ ග‍්‍රෑම් හතළිස් හත් ලක්ෂ තිස් තුන් දහස් හත්සිය දහයක් (4733710) සහ රතු නාඩු වී කිලෝ ග‍්‍රෑම් විසි නව දහස් අටසියයක් (29800) එම ගබඩාවල පවතී.

මුදල් අමාත්‍යංශයේ උපදෙස් මත ක‍්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සුදුසු මෝල් හිමියන් තෝරා ගෙන වී තොග නිකුත් කිරීමට පියවර ගන්නා බව දිස්ත‍්‍රික් ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.

සහල් බවට සැකසුම් කරන වී තොග ප‍්‍රමාණයට අදාල මුදල සතොස මගින් රජයට ලබාදිය යුතු බවත් එම මුදල්වලින් වී මෝල් හිමියන්ට ගෙවිය යුතු ප‍්‍රවාහන ගාස්තු හා සහල් සැකසුම් ගාස්තු ගෙවීමට නියමිත බවත් හෙතෙම කීය.

මෙම වී තොග සහල් බවට පත්කර ලබන 15 වැනිදා වන විට සතොසට නිකුත් කිරීම අපේක්ෂාව බව අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවසීය.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles