Divaina - මඩකලපුවේ 51440කට ගං වතුරෙන් පීඩා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p3 1නොනවතින වැසි නිසා මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් 14ක පවුල් 15019ක 51440දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මඩකලපුව දිස්ත‍්‍රික් ලේකම් මානික්කම් උදයකුමාර් මහතා පැවසීය. අවතැන්වූ 1915දෙනකුට කඳවුරු 14ක නවාතැන් ලබා දී ඇත.

තවද පීඩාවටපත් ජනතාව සඳහා මෙතෙක් රුපියල් ලක්ෂ 7ක පිසූ ආහාර ලබා දීමට මුදල් වෙන් කර ඇත. ඥාතීන්ගේ නිවෙස්වල නවාතැන් ගෙන ඇති අයට වියළි ආහාර ලබා දීමට රුපියල් දාසය ලක්ෂ අසූදාහක් රජයෙන් වෙන් කර ඇත.

මෙම නොනවතින වැසි නිසා එක නිවසක් මුළුමනින්ම විනාශ වී ඇති බවත් නිවාස 42කට අර්ධ හානි සිදුවී ඇති බවත් ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට රුපියල් මිලියන 16.6ක් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යාස්තානය ඉල්ලා ඇති බවත් එම මුදල් ලැබූ විගස දිස්ත‍්‍රික්කයේ පීඩාවටපත් සියලූ‍ දෙනාටම සහන සැලසීමට කටයුතු කරන බවත් දිස්ත‍්‍රික්ක ලේකම් මානික්කම් උදයකුමාර් මහතා වැඩිදුරටත් පැවසීය.

මඩකලපුව- ටී.එල් ජව්ෆර්කාන්

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles