Divaina - රනිල්ගේ රෙකෝඩ් කඩන්න පුළුවන් විපක්‌ෂ නායකයෙක්‌ පත් වුණා..... සජිත් විපක්‌ෂ නායකවීම එජාපය ලැබූ දෛවයේ සරදමක්‌....!!

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

අනුරාධ හිරිපිටියගේ
 
dvcanakaරනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ පරාජය වෙමින් තැබූ වාර්තා බිඳ දැමිය හැකි විපක්‌ෂ නායකවරයකු පත් වී ඇතැයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා 'දිවයින'ට ඊයේ (6 දා) පැවසීය.
 
 සජිත් ප්‍රේමදාස මහතා විපක්‌ෂ නායක ධුරයට පත් වීම සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් මන්ත්‍රීවරයා අදහස්‌ පළ කළේය. රවි කරුණානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් සාමාන්‍ය පෙළ සමත් සහතිකය ඉල්ලමින් අභියෝග කළ බවත් එවැනි නායකයකු විපක්‌ෂ නායක වීම එජාපය ලැබූ දෛවයේ සරදමක්‌ බවත් චානක මහතා කීවේය. තවදුරටත් අදහස්‌ දක්‌වමින් මන්ත්‍රීවරයා මෙසේaaa ද කීවේය.
 
 සජිත් මහතා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයෙන් තිස්‌සමහාරාම ආසනයත් එහි ඔහු නියෝජනය කරන කොට්‌ඨාසයත් දිගින් දිගටම පරාජය වුණා. තමන් පරාජය වෙන්න හපනෙක්‌ බව ඔහු පෙන්වලා තියනවා.
 
 හැමෝම හිතුවේ රනිල්ගේ පරාජය වීමේ වාර්තා කඩන්න කාටවත් බැරි වෙයි කියලා. නමුත් ඒක කරන්න පුළුවන් කෙනකු වන සජිත් ප්‍රේමදාස මහතා විපක්‌ෂ නායක වෙලා තියනවා.
 
 සජිත් ප්‍රේමදාස මහතා විපක්‌ෂ නායක ධුරය මෙන්ම එජාප නායක ධුරය ද ඉල්ලාගෙන රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්‌ථාවේදී අවශ්‍ය නම් විපක්‌ෂ නායක ධුරය දෙන්නම් කියාත් තනතුරු දෙකම ඉල්ලන්නේ නම් එක තනතුරක්‌වත් දෙන්නේ නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. සිද්ධිය අද පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් අතර ප්‍රසිද්ධ රහසක්‌. ඒ නිසා සජිත්ට පක්‌ෂ නායකත්වය කියන 'මදේ' නැතිව 'විපක්‌ෂ නායක' කියන පොත්ත විතරක්‌ ලැබුණා. ඉදිරි මහ මැතිවරණය එජාපය පරදිනවා. එවිට එජාප නායකත්වයත් විපක්‌ෂ නායකත්වයත් යන තනතුරු දෙකම ලබා ගන්න රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබෙනවා.

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles