Divaina - වරද නිවැරැදි කළත් නීතියෙන් නැත සමා.....

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඒ. යූ. ගුණපාල - හලාවත අධිකරණ
 
lawwwsදෙදෙනකු සමග එක්‌ව වයස අවුරුදු 16 ට අඩු බාල වයස්‌කාර දැරියක්‌ අපහරණය කර ඇයව දූෂණය කරන ලදැයි අධිචෝදනා ලබා සිටි චූදිතයකු වසර පහකට පමණ පසුව ඇයව නීත්‍යනුකූලව විවාහ කරගෙන තිබුණෙන් හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය එම චූදිතට වසර දෙකක බර වැඩ සහිත සිර දඬුවමක්‌ නියම කර සිරදඬුවම වසර 10 කට අත්හිටවූවාය.
 
 2011 දෙසැම්බර් 10 දින හෝ ඊට ආසන්න දිනයකදි වයස අවුරුදු 16 ට අඩු බාල වයස්‌කාරියක්‌ නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර තිබිණි.
 
 පළමුවන චූQදිත මේ වන විට පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකාරිය විවාහ කරගෙන සිටින බවට කරුණු ඉදිරිපත් කර 2016.10.29 දින විවාහ වූ බවට විවාහ සහතිකය ඉදිරිපත් කර තිබීමත්, 2015.05.05 දින දරුවා උපන් බවට දරුවාගේ උප්පැන්න සහතිකය ඉදිරිපත් කර තිබීමත් එහි දරුවාගේ පියා ලෙස පළමුවන චූදිතගේ නම සඳහන් කර තිබිණි.
 
 චූදිත සමඟ පැමිණිලිකාරිය වන නඩුවේ පළමුවන සාක්‍ෂිකාරිය සතුටින් සිටින බවට අධිකරණයේ දී කරන ලද ප්‍රකාශය ද සැලකිල්ලට ගෙන දඬුවම් නියම කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය පළමුවන චූදිතට පළමුවන හා හතරවන චෝදනාවන් සඳහා වසර එක බැගින් වසර දෙකක බර වැඩ සහිත සිරදඬුවම් නියම කළාය.
 
 එයට අමතරව රුපියල් 7500 බැගින් රුපියල් 15,000 ක දඩයක්‌ නියම කර දඩ නොගෙවන්නේ නම් බර වැඩ සහිත මාස තුන බැගින් සිරදඬුවම් ද නියම කළාය.
 
 දෙවන හා තුන්වන චූදිතයන්ට බර වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් හා රුපියල් 15,000 බැගින් දඩ නියම කළාය. දඩ මුදල් නොගෙවන්නේ නම් බර වැඩ සහිත මාස තුන බැගින් සිර දඬුවම් නියම කළාය.
 
 රුපියල් 25,000 ක ස්‌ථිර තැන්පත් මුදලක්‌ පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකාරියට චූදිතයන් දෙදෙනා ගෙවා ඇති බැවින් එම මුදල වන්දියක්‌ ලෙස ගෙවා තිබෙන බවට තීරණය කරන බව කියා සිටි මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය සියලුම චූදිතයන්ට පනවන ලද සිර දඬුවම් වසර 10 දක්‌වා අත්හිටුවන බව දැනුම් දුන්නාය.
 
 චූදිතයන් වෙනුවෙන් නීතිඥ රුවන් චමින්ද මහතා සහ නීතිඥ සුජිත් ප්‍රියංකර මහතා පෙනී සිටියහ.

බේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles