Divaina - බිරිඳ දිවි නසා ගත්තා කියා බොරු පැමිණිල්ලක් කළ සැමියා රිමාන්ඞ් ප‍්‍රධාන සැකකරුගේ මව සහ පියාත් රිමාන්ඞ්

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 මිහින්තලේ - රංග චතූ
 
 තම බිරිඳ සිය දිවි නසාගෙන ඇති බවට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළ සැමියකු හා සිද්ධිය වසන් කළ සැකකරුගේ පියා සහ මව ද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළේය.
 
 මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලැබුයේ කැබිතිගොල්ලෑව වව්නියාව පාර ලිපිනයේ පදිංචි දුලාජ් සමන් කීර්තිරත්න නමැත්තා සහ ඔහුගේ පියා වන එම්. කීර්තිරත්න සහ මව වන නීටා ස්වර්ණලතා යන තිදෙනාය.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය සඳහන් කළේ, තම බිරිඳ වන 24 හැවිරිදි මංජුලා කුමාරි යන අය සාරි පොටකින් ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට පළමු සැකකරු දුලාජ් සමන් කීර්තිරත්න නමැත්තා පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවය.
 
 සිය දිවි හානි කරගත් බව පැවසූ සැකකරුගේ බිරිඳ වන මංජුලා කුමාරි නමැත්තියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා, වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කර ඇත්තේ මංජුලා කුමාරි නමැත්තිය මියගොස් ඇත්තේ ගෙල මිරිකා සිර කිරීමකින් බවය. ඒ අනුව මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, ඊට මියගිය අයගේ සැමියා වන පළමු සැකකාර දුලාජ් සමන් කීර්තිරත්න නමැත්තා සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
 
 මෙම අපරාධය පිළිබඳ තොරතුරු සැකකරුගේ පියා සහ මව වසන් කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බව ද අධිකරණයට සැලකළ පොලිසිය සියලූ‍ සැකකරුවන් රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස අධිකරණයෙන් අයැද සිටියේය.
 
 සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංග සුජීව මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතාගේ මෙහෙයවීම මත එම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් පෙනී සිටියහ.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles