Divaina - වරෙන්තු නඩුවට උසාවි නෑවිත් මග රැකසිට උසාවියෙන් එළියට ආ බිරිඳට අත්පොරවකින් කොටා සැමියා පළායයි!

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

දඹුල්ල-සරත් එරමිනිගම්මන
 
 අධිකරණයේ පැවැති නඩත්තු නඩුවකට පැමිණි කාන්තාවකට එය නිමවී ආපසු අධිකරණ භූමියෙන් පිටවන අවස්ථාවේ ඇයගේ සැමියා විසින් අත්පොරවකින් කොටා පළාගොස් සිටියදී පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඉකුත් සෙනසුරාදා (30* දඹුල්ල දිසා/මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
 
  මෙහිදී පොලීසිය කියා සිටියේ සැකකරුට එරෙහිව අධිකරණය ඉදිරියේ ඔහුගේ බිරිඳ විසින් නඩත්තු නඩුවක් පවරා තිබූ බැවින් ඇය නියමිත දින එම නඩුවට පෙනී සිටි නමුත් ඇයගේ සැමියා ඒ සඳහා අධිකරණය වෙත ඉදිරිපත්වී නොමැති බවය.
 
 අනතුරුව මෙම කාන්තාව නඩුව නිමවූ පසුව අධිකරණ භූමියෙන් පිටවනවාත් සමගම මහමග රැුකසිටි සැකකරු මල්ලක ස`ගවාගෙන සිටි අත්පොරවකින් ඇයට කොටා ඇත. මෙයින් බරපතල ලෙස තුවාල ලැබූ මෙම කාන්තාව ප‍්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධියෙන් පසු සැකකරු පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත්බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය.
 
 මෙහිදී දඹුල්ල වැඩබලන මහෙස්ත‍්‍රාත් වසන්ත ආරියරත්න මහතා විසින් සැකකරු මේ මස නව වන (09* දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
 
 දඹුල්ල පොලීසිය විසින් මෙහි පැමිණිල්ල මෙහෙයවිය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles