නාඋල - නිමල් කණහැරආරච්චි
නාඋල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝගස් බොබැල්ල ප්රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ මෙහෙණින් වහන්සේ නමක් වන අලියකු පහර දීමෙන් පසුගියදා අපවත් වී ඇතැයි නාඋල පොලිසිය පැවසීය.
වෙනත් පෙදෙසක පැවැති පිංකමක් අවසානයේ උන්වහන්සේ වැඩසිටි කුටියට නැවත එමින් සිටිය දී මෙම පහරදීම සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.
මෙසේ අපවත්වී ඇත්තේ අතරගල්ලෑවේ ඥානමිත්ත නමැති මෙහෙණින් වහන්සේ (66* නමකි.
වන අලියාගේ පහර දීමෙන් පසු එම ස්ථානයේදීම මෙහෙණින් වහන්සේ අපවත්වී ඇතැයි පොලිසිය සිදුකළ මූලික පරික්ෂණයේ දී හෙළිව තිබේ.
බෝවතැන්න ජලාශය ආශි්රතව වන අලි උවදුර සෑම වර්ෂයකම පාහේ උග්ර වෙමින් පවතින බව පැවසූ ප්රදේශවාසීහු අවස්ථා ගණනාවක දීම බලධාරීන්ට ප්රදේශයේ වනඅලි ගැටලූව සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියද ඉන් කිසිදු පලක් නොවූ බව කියා සිටියහ.
වනඅලි ගැටලූව හේතුවෙන් පසුගිය කාලයේ පුද්ගල ජිවිත කීපයක් මෙන්ම වගාබිම් විශාල ප්රමාණයක්ද විනාශ වූ බව ප්රදේශවාසීහු වැඩිදුරටත් පැවසීය.
- Hits: 387