Divaina - මාර්ගයට කුණු දැමූ කාන්තාවෝ තිදෙනෙක්‌ මාට්‌ටු...... අයෙක්‌ රැකියාවට යන ගමන් කුණු මල්ල පාරට දමද්දී අත්අඩංගුවට....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
 
 මාතර නගරය පිරිසිදුව තබා ගැනීමේ වැඩ සටහන යටතේ මේ වනවිටත් වැඩසටහන් ආරම්භ කර ඇති අතර දින දෙකක්‌ තුළ මාතර කොට්‌ඨාස බුද්ධි අංශය විසින් පාන්දර අනවසරයෙන් අපද්‍රව්‍ය මාර්ගයට දැමූ බවට කියන කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අවවාද කර අධිකරණය වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇත.
 
 මින් කාන්තාවන් දෙදෙනකු මාතර හක්‌මන පාරේදී සහ තවත් කාන්තාවක්‌ පාන්දර රාජකාරි සඳහා දුම්රියෙන් යැමට දුම්රිය මධ්‍යස්‌ථානයට එන අතරතුර දී පාරට අපද්‍රව්‍ය පාර්සල් දමද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
 මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිගේ උපදෙස්‌ මත කොට්‌ඨාස බුද්ධි අංශයේ ස්‌ථානාධිපති පො.ප. එච්. ෙ-. කමල් මහතා ඇතුළු නිලධාරීන් මෙම වැඩපිළිවෙළට සම්බන්ධ වී ඇති අතර මේ වනවිට පොලිසිය විසින් මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත. මේ අතර මාතර නගරයට ආසන්නයේ අපද්‍රව්‍ය මාර්ගයට දමන ස්‌ථාන 37 ක්‌ මේ වනවිට හඳුනාගෙන ඇත.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles