Divaina - තම නිවසට ගෙන්වාගෙන බාලවයස්‌කාර පෙම්වතියට අතවර කළ පෙම්වතාට (25) නඩු

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 මීගමුව සමූහ - විමල් කීර්ති
 
 girl1j35අවුරුදු 14 යි මාස 4 ක්‌ වයසැති බාලවයස්‌කාර ශිෂ්‍යාවක්‌ සමඟ ප්‍රේම සබඳතාවක්‌ පවත්වා පසුව ඇගේ දෙමාපිය භාරකාරත්වයෙන් අපහරණ කර ඇය දූෂණයට ලක්‌ කළ බව කියන 25 හැවිරිදි පෙම්වතාට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ නඩු පවරා විත්තිකරුට (පෙම්වතාට) අධිචෝදනා පත්‍රය භාර දෙන ලදී.
 
 මහාධිකරණය හමුවේ ස්‌ත්‍රී දූෂණය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ විත්තිකරු වූයේ කටාන පහළ කදිරාන ගෝල්ඩන් ටෙරස්‌ වතුයායේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. 2017 ඔක්‌තෝබර් මස 18 වැනිදා විත්තිකරු විසින් ළාබාල පෙම්වතිය තම නිවසට ගෙන්වාගෙන ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටියේය. අධිචෝදනා භාරදීමෙන් පසු අත්අඩංගුවට පත්ව සිටි විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.
 
 රජයේ අධිනීතිඥ ගොවිඳු සෙනවිරත්න මහතා පැමිණිල්ල මෙහෙයවීය. කටාන පොලිසියේ පො. කො. (82685) උදය කුමාර මහතා පැමිණිල්ලට සහාය විය. වැඩිදුර විභාගය 2020 පෙබරවාරි මස 17 වැනිදා පැවැත්වෙයි.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles