Divaina - සා.පෙළ ලිවීමට සිටි දියණියට පියා බෝතලෙන් ඔළුවට ගහලා - දෙමව්පියන්ගේ ගැටුමට මැදිවූ - සැකකරු 15 දක්වා රිමාන්ඞ්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද සිට පෙනී සිටීමට නියමිතව සිටි 15 හැවිරිදි සිය දියණියගේ හිසට බෝතලයකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බව කියන පියකු 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා පෙරේදා (30 දා) නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් 29 දා රාති‍්‍රයේ මවට පියා විසින් පහරදී ඇතැයිද, මෙම ගැටුමට මැදිවූ දියණියට පියා විසින් මෙම බෝතල් ප‍්‍රහාරය එල්ලකර ඇතැයි කළුතර උතුර පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් (18350) දසනායක මහතා අධිකරණය හමුවේ කියා සිටියහ.

තුවාල ලැබූ දැරිය රෝහලේ ප‍්‍රතිකාර ලබන බව බී වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉරේෂා ද අල්මේදා මහත්මිය, සැකකරු හා බිරිඳ නිතරම දබර කරන බවත්, සැකකරුගේ බිරිඳට එරෙහිව අධිකරණය හමුවේ නඩු කීපයක්ද ඇතැයි කියා සිටියේය.

සැකකරුට ඇප දීම ප‍්‍රතික්ෂේප කළ වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles