Divaina - පළිගැනීමට තිත තබන බව කීවත් රජය ජනවරම පලූදුවන ලෙසින් කටයුතු කිරීම කනගාටුදායකයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

re10 2- පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස නිවේදනයක් මඟින් කියා සිටී
 
 - පළිගැනීමට තිත තබන බව පොරොන්දු වෙමින් පත්වූ වත්මන් රජය ජනවරම පලූදුවන ලෙස කටයුතු කිරීම කනගාටුවට කරුණක් යැයි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණින් ජනාධිපතිවරණයට තරග කළ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
 එම නිවේදනය මෙසේය.
 
 බහුතරයක් ශී‍්‍ර ලාංකික ජනතාව තම ව්‍යවස්ථානුකූල අයිතිය උපයෝගී කරගෙන නව පාලනයක් ස්ථාපිත කරගනු ලැබීය.
 
 මුළුමහත් ජනතාවම බලාපොරොත්තු වූයේ සාමකාමී, නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය රජයන පාලනයකි. නව රජයක් බලයට පත්වූ සැණින් එම ආණ්ඩුව විවේචනය කිරීම සාධාරණ නොවන බවත්, ඔවුනට සිය ජනවරමට අදාළ කටයුතු කරගෙන යෑම සඳහා කාලයක් දිය යුතු බවත් මම විශ්වාස කරමි.
 
 කෙසේ වෙතත් නව ආණ්ඩුව යටතේ ඇතිවූ සහ ඇතිවෙමින් තිබෙන සිදුවීම් කිහිපයක් තවදුරටත් අප නිහඬව සිටීම කළ නොහැකි තත්ත්වයට පත්කොට තිබේ. ඇතැම් සිදුවීම් සන්සුන් සමාජය බොහෝ සෙයින් භීතියට පත් කිරීමට හේතුවී තිබේ.
 
 ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ති‍්‍රක ඉතිහාසය තුළ කළු පැල්ලමකි. එය ජාත්‍යන්තරව බලවත් අප‍්‍රසාදයක් අපේ රට කෙරෙහි එල්ල වන්නකි.
 
 විශේෂයෙන්ම කීර්තිමත් සහ දක්‍ෂ පොලිස් නිලධාරීන් විශාල පිරිසකට එරෙහිව පළිගැනීමේ රාජ්‍ය හස්තය එල්ලවී තිබේ.
 
 මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙත දැනටමත් පීඩන එල්ල වී ඇති අතර එය අප විසින් දිනාදුන් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසටත්, තොරතුරු දැන ගැනීමේ අයිතියටත් එරෙහිව රාජ්‍ය තන්ත‍්‍රය කි‍්‍රයාත්මක වීමකි.
 
 මේ රට සුරක්‍ෂිත කිරීම, පළිගැනීමට තිත තැබීම, ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ශී‍්‍ර ලංකාව ලෝකයේ ඉහළින් ඔසවා තැබීමේ පොරොන්දුව මත ඔවුන් වෙත ජනතාව ලබාදුන් ජනවරම පලූදුවන ලෙස කටයුතු සිදුවීම කනගාටුවට කරුණකි.
 
 අපක්‍ෂපාතී, නීතිගරුක නිලධාරීන් දේශපාලන දඩයමට ලක් කිරීමත්, මාධ්‍යවේදීන් සහ ආයතනවල නිදහසට සීමා පැනවීමත්, ප‍්‍රතිවාදීන්ගෙන් පළිගැනීමත් සිහිපත් කරන්නේ 2015 ට පෙර මෙරට තිබූ අන්ධකාරය සමගය.
 
 මෙම කනගාටුදායක තත්ත්වය කෙරෙහි අපගේ බලවත් අවධානය යොමුව ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික අවධානයට යොමු කරමි.
 
 තම පාර්ශ්වය නියෝජනය කරන අයට සේම තම මතය නියෝජනය නොකරන අයටද නිදහසේ ජීවත් වීමේ අයිතිය මේ රට තුළ තිබිය යුතුය. නව ජනාධිපතිවරයා ලෙස ඔහු වැඩ භාර ගත්තේද ඒ බවට පොරොන්දු වෙමිනි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles