Divaina - මරණීය දණ්ඩනය ඉවත් කොටසියලූ චෝදනාවලින් නිදහස් කරන්නැයි වාස් ගුණවර්ධන ඇතුළු 6 දෙනාගේ අභියාචනා පෙත්සමේ තීන්දුව ඉදිරියේදී ලබාදීමට තීරණය

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ෂියාම් ඝාතන නඩුවේ චෝදනාවලට වරදකරුවන් කරමින් කොළඹ තී‍්‍රපුද්ගල මහාධිකරණය විසින් නියම කළ මරණීය දණ්ඩ නියෝග අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු හය දෙනකු ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ඉදිරියේදී නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය.

මරණීය දණ්ඩන නියෝගය ඉවත් කර තමන් සියලූම අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් විභාගය සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා පී‍්‍රති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේදී පැවැත්විණි.

2014 අපේ‍්‍රල් 4 වැනිදා හා 2014 මැයි 21 වැනිදා කාලය අතරතුරදී සිදුවූ එකී ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන සලකා බැලූ නීතිපතිවරයා එවකට කොළඹ දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහු යටතේ පවත්වාගෙන ගිය විශේෂ විමර්ශන අංශයේ සේවය කළ උ.පො.ප. ලක්මිණ ඉන්දික බමුණුසිංහ, පොලිස් සැරයන් ඒ. ජී. සරත්චන්ද්‍ර, පොලිස් කොස්තාපල්වරුන් වන පි‍්‍රයන්ත සංජීව, කැලූම් රංගන දිසානායක යන පස් දෙනාට හා වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන යන අයට එරෙහිව නඩු පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles