Divaina - හොරකම් කර මඩි තර කර ගත් දේශපාලකයන් දැන් ගෝඨාභය වටේ කැරකෙනවා...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

 

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක

හොරණ - විදුර විජයනාථ

wicramanayakeදැන් බොරු වළවල් බොහෝ තැන්වල ඇති බවත්, මුරුංගා අතුවලත් වාඩි කරන අවස්ථා ද තිබෙන බවත්, සටකපට දේශපාලකයින් සහ හොරකම් කර තම මඩිය තරකරගත් දේශපාලකයින් දැන් දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා වටා කැරකෙන බවත්, නමුත් දූෂණයෙන්, වංචාවෙන් තොර විඥානයක් ඇති දේශපාලකයින් ටිකක් ඈත් වී බලා සිටින බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.

හොරණ ප්‍රදේශයේදී 19 වැනිදා පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ පැවසූ වික්‍රමනායක මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැනීමට අවුරුදු 5ක් සිටිය යුතු නිසා එය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය අය ඒ වෙනුවෙන් දැන් නොයෙක් ආකාරයේ ක්‍රියා සිදුකරන බවත්, නමුත් එක් එක් අයගේ කොන්දේසිවලට යටත්ව ඔවුන්ට අවශ්‍ය ආකාරයට මේ රට හැසිරවීම කළ නොහැකි බවත්, වැඩ කළ යුත්තේ එක් එක් පක්ෂවල න්‍යාය පත්‍රවලට නොව රටේ න්‍යාය පත්‍රයට අනුව බවත් ඔහු පවසා සිටියේය.

එසේම, “අපිට කෑලි කැඩුණු රටක් අනවශ්‍ය බවත්, මේ රටේ දේශපාලනය කේන්ද්‍රගත වී තිබුණේ පුද්ගල වන්දනාව මත බවත්, ඡායාරූප නොව ඒ වෙනුවට ජනරජ ලාංඡනය ස්ථානගත කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් පළමු ආදර්ශය ලබාදුන් බවත්, මෙය පටන්ගැන්මක් පමණක් බවත් පැවසූ මන්ත්‍රීවරයා පක්ෂ, පාට, භේද තියාගෙන ඉදිරියට යා නොහැකි බව පසුගිය සමයේ සිදුවූ සිදුවීම්වලින් හොඳහැටි දුටු බවත්, රටක් වශයෙන් නැගිටීමට ලංකාවට ලැබුණු අවසාන අවස්ථාව මෙය විය හැකි බවත් පැවසීය.

තවද, මේ මැතිවරණයේදී දුටු සුවිශේෂීම කරුණ වන්නේ එහි රජුන් තනන්නන් නොසිටීම බවත්, ඒනිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ට රිසි ආකාරයට තම බලය රටේ උන්නතිය වෙනුවෙන් භාවිතා කළහැකි බවත්, විෂයන් පිළිබඳව දැනුම ඇති දේශපාලකයින් සමග මෙම

ගමන ඔහු යායුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීවේය.

“ඊළඟ වාරයේ මහ ඡන්දය යනු පක්ෂ අතර සිදුවන සටනක් නොව ‘හොරු සහ හොරු’ අතර සිදුවන සටනක් වීමට බොහෝදුරට ඉඩකඩ තිබෙනවා. එවන් දේශපාලන අපතයින් සමඟ මේ ගමන යා නොහැකියි. එසේ වුවහොත් එදා මහින්ද රාජපක්ෂ මහතා ඇද දැමූ වළටම ගෝඨාභය රාජපක්ෂ මහතාව ද ඔවුන් ඇදදමාවි.

එසේම, රුවන්වැලිසෑය ඉදිරිපිට දිවුරුම් දීමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ උරුමයන්ට වන්දනා කිරීම ගැන ආදර්ශයක් රටටම දුන්නා. ඒ පිළිබඳව අපි එතුමාට ගෞරවය පුදකරනවා. මනුස්සකම අගයන රටක් වෙනුවෙන් අධ්‍යාපනය හරහා චින්තන විප්ලවයක් ඇතිකළ යුතුයි. ඒ සඳහා පාසල් අධ්‍යාපනය පමණක් නොව දහම් පාසල් අධ්‍යාපනය ද, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද සම්බන්ධ කරගත යුතුයි. එසේම කෘෂිකාර්මික විප්ලවයක් ද කර්මාන්ත විප්ලවයක් ද පරිසර විප්ලවයක් ද මේ රටට අවශ්‍යයි. දැන් විල්පත්තුව, නකල්ස්, සිංහරාජය කපනවා. අපිට මේවා ආරක්ෂා කරගත නොහැක්කේ ඇයි? කොරල්පර, කඩොලාන ආදිය ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. කාගේවත් බලපුළුවන්කාරකම්වලට හිතුමතේ වැඩකළ නොහැකියි. මේ රටේ ජනතාව මේවා වෙනුවෙන් වසර හතරහමාරක් බලා සිටියා. ඒ වෙනුවෙන් සියලු භේද අතහැර රටේ ජනතාව පෙළගැසුණා. දැන් සිදුවිය යුත්තේ එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූයේ එක එක කෑගහහන අයගේ ඡන්දවලින් නොවෙයි. ජනතාවගේ ඡන්දවලින්. එතුමාට නොකළේ මොනවාද? කිහිප සැරයක් උසාවි අරන් ගියා. එතුමාට ඡන්දය නැහැ කිවුවා. නෝනාට, දරුවන්ට ඡන්දය දෙන්න බැහැ කිවුවා. පුදුමතරම් නින්දා අපහාස කළා. ඒත් ජනතාව හරි උත්තරය දුන්නා.

ගැටීම් සමග මේ ගමන කිසිසේත්ම ඉදිරියට යා නොහැකියි. කුමන්ත්‍රණකරුවන්ගේ බලාපොරොත්තුව ද

ගැටීම් සමග ඉදිරියට යාමට සුදුසු වාතාවරණයක් ඇතිකිරීමයි. එවිට රටේ සංවර්ධනයක් දැකිය නොහැකියි. ළඟ ළඟම එන අනෙක් මැතිවරණයේදී සිදුවිය යුත්ත ජනතාව තීන්දු කරනු ඇති.

මේ වන විටත් මේ ආණ්ඩුවේ කෑලි ගැළවී පතුරු හැළෙනවා. ජනාධිපතිධුර අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතාත් එතුමා පක්ෂයේ දැරූ තනතුරින් ඉල්ලා අස්වූවා. තම වැඩපිළිවෙළ ඉදිරියටත් රැකගැනීමේ බොළඳ උත්සාහයක නොමේරූ දේශපාලයින් යෙදෙනවා. තමුන්ගේ තනතුර බේරා ගැනීමට පරිණතයි කියන අය ද ඊට අනුගත විය හැකියි.

නැවත වතාවක් කලින් වූ දේවල් වීමට අවශ්‍ය නෑ. ආණ්ඩුවක් හැදීමට නම් නීත්‍යානුකූල රාමුවක වියයුත්ත සිදුවිය යුතුයි. ඒ සඳහා බහුතරය අවශ්‍යයි. නමුත් ඒ සඳහා කලින් සිටි දේශපාලන අපතයින් හෝ ගැළවිජ්ජාකරුවන් සම්බන්ධ කර ගැනීමට මා එකඟ නෑ. එසේ කිරීමට වඩා මේ යන විදිහට යාම උචිතයි. අවුරුදු හතරහමාරක් ඉවසූ ජනතාවට තව මාස 3ක් ඉවසීමට බැරි නෑ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles