Divaina - වෙරළට ආපු බෝතලය බීලා ධීවරයෝ තිදෙනෙක් මැරිලා.... සේදවත්තේ මයිකල්ගේ දේහය නිවසට ගෙනඑයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new



බී.ටී.කේ. - ජාඇල

 

bottle444

මිය ගිය මයිකල් තම පවුලේ සාමාජිකයන් සමග මින් පෙරගත් ඡායාරූපයක්

ත්‍රිකුණාමලයේ මුහුදේ දිය රළ සමග වෙරළට ගසා ගෙන ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජාඇල පමුණුගම සේදවත්ත පදිංචි 37 හැවිරිදි මයිකල් ඇන්ටන් නමැති සංචාරක ධීවරයකු ඇතුළු තිදෙනකු විෂ ශරීර ගතව මිය ගොස් ඇත. ඇන්තනීගේ මෘත ශරීරය මේ වන විට සේදවත්ත ඔහුගේ නිවසට ගෙනවිත් ඇත. මිය ගොස් ඇති ඔහු එක් දරු පියෙකි.

ඔහුගේ මව තුසිල්ඩා නානයක්කාර පවසන්නේ වෘත්තියෙන්ම සංචාරක ධීවරයකු වූ මිය ගොස් ඇති තම පුතා පසුගිය අගෝස්තු මස මුහුදු රස්සාවට තවත් පිරිසක් සමග ත්‍රිකුණාමලය බලා පිටත්ව ගිය බවය. ඔහුගේ කණ්ඩායමට තවත් 15 දෙනකු ද එක්ව ඇත. මීට පෙර ද ඔහු ත්‍රි’මලේ මාදැල් රක්ෂාවට ගොස් ඇති පුරුදු පුහුණු අයෙකි. උපයන දෙයින් ගෙදර දොරට හොඳින් සලකා තම යුතුකම් ඉටු කළ දරුවකු බව ද මව කියයි.

පොලිසියෙන් ලද තොරතුරුවලට අනුව මාස දෙකකට අධික කාලයක් ත්‍රිකුණාමලයේ ධීවර රැකියාවේ යෙදී සිටි මියගිය අය යම්කිසි මුදලක් අතට ගෙන පමුණුගම තම නිවසට පැමිණීමට දින දෙකක් තිබියේදී ඔහුට සවස් වරුවේ හදිසියේ මුහුදු රළ සමග ගොඩට ආ කදිම බෝතලයක් හමුව ඇත.

බෝතලය ලැබීමෙන් අධික සතුටට පත් ඔහු සහ ඔහු සමග සිටි පිරිස එක්වී එදින රාත්‍රියේ බෝතලයේ තිබූ දියරය පානය කොට ඇත. 15 දෙනෙකුගෙන් සමන්විත ධීවර පිරිසෙන් 11 දෙනකු දියරය පානය කොට ඇත.

පැය කීපයක් ගත වන්නටත් කලියෙන් 11 දෙනාම වමනය දමමින් දැඩි අපහසු තාවයකට පත්ව ඇති බව තේරුම් ගත් පිරිසේ ඉතුරු අය තව පිරිසකගේ සහය ඇතිව පිරිස ත්‍රිකුණාමලේ මහා රෝහලට ඇතුළත් කොට ඇත.

රෝහල ඇතුළත් කළ 11 දෙනාගෙන් තිදෙනකු මිය ගොස් ඇත. ඉන් එක් අයකු ජාඇල පමුණුගම සේදවත්තේ මයිකල් ඇන්ටන්ය.

මුතුරාජවෙල රක්ෂිතයට ආසන්න කුඩා නිවෙසක දිවි ගෙවන මයිකල් ඇඟලුම් කම්හලක අත් උදව්කාරියක හැටියට සේවයේ යෙදෙන ඇන්ටන්ගේ බිරිඳත් පාසල් යන කුඩා දියණියත් ප්‍රශ්න රැසකට මුහුණ පා ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles