Divaina - ළදරු පාසලේ ගුරුතුමියට වැටුප් දෙකක් ගෙවලා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- මහරගම නගර සභාවේ වැටුප් අවුල් කිරීමට ලේකම්වරයා වගකිව යුතුයි - නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න

- මහරගම නගර සභාවේ ලේකම්වරයා අලුත් නිලධාරිනියක් පත් කරලා නගර සභාවේ වැටුප් ඉතිහාසයේ පළමු වතාවට අවුලෙන් අවුලට පත් කරලා තිබෙනවා යැයි මහරගම නගර සභාවේ ස්වාධීන (1) නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා පැවසීය.

නාගරික මන්ත්‍රීවරයා එම හෙළිදරව්ව කළේ මහරගම නගර සභා රැස්වීමේ ලිපි, පෙත්සම් වාරය අතරතුරදීය.

මෙහිදී තවදුරටත් කතා කළ නාගරික මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

නගර සභා සේවකයන්ගේ වැටුප් සෑදූ නිලධාරියතුමිය ප්‍රසූත නිවාඩු ගත්ත නිසා අපේ ලේකම්තුමා අලුත් නිලධාරිනියක් පත් කරලා වැටුප් හදන්න. ලේකම්තුමා, මට ඔබතුමා එක්ක කිසිම පෞද්ගලික අමනාපයක් නැහැ. මහරගම ලක්ෂ 2 කට අධික ජනතාවට සේවය කරන්නේ නගර සභාව් මේ නිලධාරීන්. නිලධාරීන් සක්‍රිය නැති තැනක සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඕනෑම ආයතනයක එහෙමයි. ඕනෑම ආයතනයක සේවකයන් සතුටින් තියන්න ඕනෑ. මේ නිලධාරීන් සෑහෙන ප්‍රශ්න බැනුම් අහගෙන මන්ත්‍රීවරුන්ගෙනුත් සමහරවිට දෝෂාරෝපණයට ලක්වෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි ජනතාවගෙනුත් සමහර වෙලාවට මේ නිලධාරීන් දෝෂාරෝපණයට ලක් වෙනවා. ළදරු පාසලේ ගුරුතුමියට වැටුප් දෙකක් ගිහිල්ලා තිබුණා.

වරිපනම් අංශයට පෞද්ගලික ආයතනයකින් කපන රුපියල් 5000 ගානේ වාරික හතරක් අය කර ගන්න තිබුණා. නමුත් එම ආයතනයෙන් තවත් වාරිකයක් වැඩිපුර අරගෙන තියෙනවා. සෞඛ්‍ය අංශයේත් හැමතැනම අර්බුද. මේකට සම්පූර්ණයෙන්ම ලේකම්තුමනි, ඔබතුමා වගකියන්න ඕනෑ. මම හිතන්නේ ඔබතුමා පත් වුණාට පස්සේ මේ නගර සභාව අකර්මන්‍ය වෙලා තියෙනවා.

ඉතිහාසයේ වැටුප් වරද්දලා දාලා නැහැ. මෙහෙම දෙයක් නගර සභාවේ වෙලා නැහැ. ලේකම්තුමනි, ඔබතුමා අකර්මන්‍යයි. ඔබතුමා කරන්න ඕන හොඳම දේ ඔබතුමා වෙන තැනක් හොයාගෙන මහරගම නගර සභාවෙන් යන එකයි.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles