Divaina - රූපලාවණ්‍ය ශිල්පිනියක්‌ ලෙසින් කලක්‌ සේවය කළ කත මත්කුඩු වලට තදින් ඇබ්බැහි වෙලා.....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 බණ්‌ඩාරගම ආර්. ඒ. එස්‌. ප්‍රේමතිලක
 
 රූපලාවන්‍ය ශිල්පිනියක්‌ ලෙසින් කලක්‌ සේවය කළ මත්කුඩු පානයට ඇබ්බැහි වූ කාන්තාවක්‌ හෙරොයින් මිලි ග්රෑම් 100 ක්‌ සමගින් අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලිසිය සමත් විය.
 
 මෙසේ අත්අඩංගුවට පත්වූයේ බේරුවල පොල්කොටුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි කාන්තාවකි.
 
 සැකකාරිය මත්කුඩු පානයට ඇබ්බැහිවූ අයෙක්‌ සමග පෙමින් බැඳී මීට වසර දෙකකට ප්‍රථම විවාහවී ඇති අතර සැමියා ඇයව මත්කුඩු පානයට පුරුද කළ බවට ප්‍රකාශ ලබාදී ඇතැයි පැවසේ.
 
 බේරුවල පොලිස්‌ වසම තුළ තදින් මත්කුඩු පානයට ඇබ්බැහිව අත්අඩංගුවට පත් පළමු කාන්තාව මැය බවද පොලිස්‌ අත්අඩංගුවට පත්ව සිරමැදිරියේ සිටියදීත් ඇය හෙරොයින් පානයට ඉල්ලා වැඳ වැටී ඇති බවද පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.
 
 සැකකාරියගේ සැමියා මත්කුඩු සමගින් පොලිසියට හසුව සිර දඬුවම් විඳ නිදහස්‌ව පැමිණ මීට මාස කිහිපයකට පෙර මියගොස්‌ ඇති බවද පොලිසිය කියයි.
 
 සැකකාරිය කළුතර අධිකරණයට ඉදිරිපත් කරීමට නියමිතය.
 
 කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී උපුල් නිල්මිණී ආරියරත්න, සහකාර පොලිස්‌ අධිකාරි කපිල ප්‍රේමදාස, බේරුවල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරික්‍ෂක ජනක විතානගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සනත් කුමාර උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් 0වන නිලන්ත කුමාර. චතුරංග සහ මධුවන්ති කොස්‌තාපල් සඳරුවන් (79062) පරීක්‍ෂණ පවත්වති.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles