Divaina - වසර 15ක්‌ දීග කාලා කාන්තාව අනියම් ඇසුර අත්හැරීමට සූදානම්වූ අවස්‌ථාවේ කෝපවූ 81 හැවිරිදි අනියම් සැමියා අනියම් බිරිය මරයි...!.

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

මීගමුව සමූහ - විමල් කීර්ති
 
dedmano135වසර 15 ක්‌ පමණ තමා සමග සතුටින් දීගකෑ තම අනියම් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ 81 හැවිරිදි අනියම් සැමියකුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ නඩු පවරා විත්තිකරුට අධිචෝදනා පත්‍ර භාරදෙන ලදි.
 
 මෙහි විත්තිකරු වූයේ මීගමුව කටුවාපිටියේ පදිංචි බී. ඒ. ඩී. ප්‍රැන්සිස්‌ නිකුලස්‌ (81) නමැත්තෙකි. 2011 සැප්තැම්බර් මස 7 වැනි දින විත්තිකරුගේ පිහි පහරින් මරණයට පත්වූයේ රද්දොළුව මුතුවාඩියේ පදිංචිව සිටි චන්ද්‍රd ගුණවතී නමැති 53 හැවිරිදි කතකි.
 
 නඩු විභාගයේදී අනාවරණය වූ කරුණු අනුව විත්තිකරු විශ්‍රාමික රජයේ සේවකයෙකි. ඔහු වසර 15 ක පමණ කාලයක සිට මියගිය කත සමග අනියම් සබඳතාවක්‌ පවත්වා ඇත. මෙම ඝාතන සිද්ධියට ආසන්නයේ මියගිය කාන්තාව විත්තිකරු සමග පැවැත්වූ අනියම් ඇසුර අත්හැරීමට සූදානම් වී ඇත. එයින් බලවත් කෝපයට පත් විත්තිකරු මියගිය අය සේවය නිමවී යමින් සිටියදී මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේ සැඟවි සිටි විත්තිකරු ඔහුගේ අනියම් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර ඇත.
 
 අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් වික්‍රමසිංහ මහතා විසින් විත්තිකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව විත්තිකරුට අධිකරණයෙන් ඇප නියම කෙරිණි. රජයේ අධිනීතිඥ මලික්‌ අසීස්‌ මහතා පැමිණිල්ල මෙහෙය වීය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය. මීගමුව පොලිසියේ සැරයන් (30614) එච්. ඩී. වසන්ත කුමාර මහතා පැමිණිල්ලට සහාය විය. වැඩිදුර විභාගය දෙසැම්බර් මස 3 වැනි දාට කල් තැබිණි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles