Divaina - අඩි දහයක තාප්පයක් බැඳ විශාල සුනඛයන් දෙදෙනෙක් මුරට දාගෙන දංකොටුව නගරය මැද සුවිසල් නිවසක කසිප්පු පෙරලා.....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

කිරිමැටියාන - ඇන්ටනි රෝස්, සඳලංකාව - ධම්මික රාජපක්ෂ, මහවැව - අමරානන්ද

kasip500
 
 පොලිස් ඇසට වැලිගසමින් දංකොටුව නගරය මැද තාප්පවලින් වටකරගත් නිවසක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි කසිප්පු ස්පී‍්‍රතු නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය තිදරු පියා අත්අඩංගුවට අඩි දහයක් උසැති තාප්පයක් බැඳ ඒ තුළ විශාල සුනඛයන් දෙදෙනෙක් මුරට දමා මෙම කසිප්පු පෙරීමේ ජාවාරම සිදුකරගෙන ගොස් තිබේ.
 
 මෙම වැටලීමේදී සැකකරුවකු ද සමග ග‍්‍රෑම් 2160 බැගින්වූ බැරල් 14 ක් හා කසිප්පු බෝතල් 50 ක්, ගෑස් කෑන් 04 ක්, ලිප් 02 ක් හා දඟර ඇතුලූ ඒවා පෙරීමට ගන්නා භාණ්ඩ රැුසක් අත්අඩංගුවට ගෙන තිබේ. ස්පී‍්‍රතු වශයෙන් මත්පැන් නිෂ්පාදනය කොට ඒවා දිවයින පුරා බෙදාහැරීමට මොවුන් කටයුතු කර ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
 
 වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ විශේෂ මගපෙන්වීම හා උපදෙස් මත දංකොටුව පොලිස් ස්ථානාධිපති පො. ප. තිලිණ හෙට්ටිආරච්චි හා පො.ප. රොහාන් පීරිස් යන නිලධාරින් ප‍්‍රමුඛ කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
 
 සැකකරු හා අදාළ භාණ්ඩ තොගය මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles