Divaina - සැමියා මියයෑමෙන් ජීවත් වීමට ම`ගක් නැති වෙලා මවක් දරු දෙදෙනා සමග ළිඳට පැනලා දරුවෝ මරුටඃ මවට අසාධ්‍යයි

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දිනසේන රතුගමගේ

 
 හදිසි අනතුරකින් සිය සැමියා මිය යෑමෙන් පසු ජීවත්වීමට මගක් නොමැතිව සිටි වවුනියාව නෙඩුන්කේණි පට්ටකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ මවක් ඊයේ (29 වැනිදා* දහවල් තම දරු දෙදෙනා ළිඳට තල්ලූකොට ඇයද ළිඳට පැන සියදිවි හානි කර ගැනීමට ගත් උත්සහයකදී දරුවන් දෙදෙනා මිය ගොස් මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත.
 
 එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින දහයකට පමණ ඉහතදී රිය අනතුරකින් මිය යාමත් සමගම ඇය එම ශෝකයෙන් හා ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති වීම නිසා දරුවන් සමග ළිඳට පැන තිබේ.
 
 ළිඳට තල්ලූ කරන ලද වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවා ළිද තුළම මිය ගොස් තිබේ. දැරියගේ කෑගැසීමත් ළිඳට යම් දෙයක් විශාල ශබ්දයක් නගමින් වැටෙණු ඇසීමත් නිසා අසල්වාසීන් පැමිණ ළිඳ පරික්‍ෂා කරන විට කාන්තාව හා ගැහැනු දරුවා ළිද තුළ ද`ගලමින් සිටිනු දැක තිබේ.
 
 වහාම ඔවුන් දෙදෙනා ළිඳෙන් ගොඩ ගෙන ගිලන් රථයක ආධාරයෙන් ඔවුන් වවුනියාව මහ රෝහල වෙත රැුගෙන එන ලද නමුත් දැරිය රෝහල් ගත කරන අවස්ථාවේදී මිය ගොස් තිබේ.
 
 තුවාල සහිතව හා වතුර පෙවීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන කාන්තාව රෝහලට ඇතුළත් කොට තිබේ.
 
 වවුනියාව පොලිසිය හා නෙඩුන්කේණි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
 
 
 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles