Divaina - මන්තී‍්‍ර වසන්ත සේනානායක එජාප සංවිධායක ධුරයෙන් ඉවත් වෙයි

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ති‍්‍රක් රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් තමා ඉවත් වීමට තීරණය කළ බවත් ඒ පිළිබඳව ලිපිය පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වෙත යොමු කළ බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත සේනානායක මහතා පැවසීය.

ඊයේ (23 දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණ සටන ආරම්භ කළ අවස්ථාවේ තමා බොහෝ සතුටු වූ බවත් පැවසූ මන්තී‍්‍රවරයා, සජිත් පේ‍්‍රමදාස මහතාට දැඩිව විරුද්ධ කණ්ඩායමක් ඔහුව යම් උගුලකට තල්ලූ කළා දැයි තමාට සැකයක් ඇති වූ බවත් ඒ නිසාවෙන් තමන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරයෙන් ද ඉවත් වීමට තීරණය කළ බවත් මාධ්‍ය හමුවේ පවසා සිටියේය.

ජනාධිපති ධුරයට පත් වූ පසුව පෙර සිටි ¥ෂිතයන්, හොරුන්, මහ බැංකු කොල්ලකරුවන්, අකාර්යක්ෂම වයෝ්වෘද්ධ පිරිස් නැවතත් අමාත්‍ය ධුරවලට සහ තනතුරුවලට පත් කරන්නේ ද යන ප‍්‍රශ්නයට ද සජිත් පේ‍්‍රමදාස මහතා පිළිතුරු දිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා සමග තමා තවමත් මිත‍්‍රතා ඇති බවත් තමාට එතැනට යෑමට බාධාවක් හෝ ලොකු අමාරුවක් නොමැති බව ද වසන්ත සේනානායක පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා නොදීපු අවස්ථාවේ තමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඡුන්දයට ඉදිරිපත් වූ බවත් කියා සිටි ඒ මහතා ජනාධිපති අපේක්ෂක

ගෝ්ඨාභය රාජපක්ෂ මහතාගේ කතා බොහෝමයක් තමන් අසා නොමැති බව ද මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

සුජීව තත්සර

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles