Divaina - යූ.එන්.පී.ය මේ සැරේ නුවරඑළියත් පරදිනවා - ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් එස්. සදාසිවම්

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

යහපාලනය කියමින් අවුරුදු හතරකට වැඩි කාලයක් මේ රට කුණු කළ එක්සත් ජාතික පක්ෂය දැන් එක්සත් පෙරමුණ කියමින් සන්ධානයක් හදා ගෙන ජනාධිපතිවරණයට ඉල්ලනවා.

මේ අය අද නැවත බලය ඉල්ලූ‍වාට පසු ගිය කාලයේ නගරවල එකතු වන කුණු ටිකවත් ඉවත් කරන්න බැරි වුණා යැයි එස්. සදාසිවම් මහතා පැවසීය.

ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් එස්. සදාසිවම් මහතා හැටන්හිදී මේ බව මාධ්‍යට පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්. සදාසිවම් මහතා යහ පාලනයක් කියමින් පසු ගිය කාලයේ ම මේ අය ගෙන ගියේ කුණු පාලනයක්. එම නිසා මහජනතාව මේ අයට මෙවර ජනාධිපතිවරණයේදී හොඳ පාඩමක් උගන්වයි.

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාව පසුගිය ජනාධිපති මැතිවරණයේදී වෙනසක් සඳහා ඡුන්දය ලබා දුන්නා. එත් පසු ගිය කාලයේ දී එම වෙනස වරදක් බව මෙහි වතු කම්කරුවන් ද වටහාගෙනයි ඉන්නේ. එම නිසා මෙවර එය වෙනස් කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සඳහා ඔවුන් ඡුන්දය ලබා දීමට සූදානමින් ඉන්නේ.

එම තත්ත්වය මත මෙවර ජනාධිපති මැතිවරණයේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂය පරාජය වී ශී‍්‍රලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නවා.

හැටන් මනුර සුදත් සෙල්ලහේවා
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles