Divaina - පෙමට පිටු පෑ පෙම්වතිය ළිඳේ ගිල්වා මැරීමට තැත්කළ පෙම්වතා වරද පිළිගනී

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

පණට පණ මෙන් තමන්ට ආදරය කළ පෙම්වතිය විසින් තම ආදරයට පිටු පෑම නිසා කෝපයට පත් පෙම්වතා තම ආදරවන්තිය අඩි 20 ක්‌ ගැඹුරු ළිඳකට දමා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණය හමුවේ වරද පිළිගන්නා ලදී.

මිනීමැරීමට තැත් කිරීම පිළිබඳ වරද පිළිගත් විත්තිකරුට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් වසර පහක අත්හිටවූ බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිරදඬුවම් සහ රුපියල් 7500 ක දඩ නියම කරන ලදී. ඊට අමතරව මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ විත්තිකරුට (පෙම්වතාට) නඩුවේ පැමිණිලිකාරියට (පෙම්වතියට) රුපියල් ලක්‌ෂයක වන්දියක්‌ ගෙවීමට ද අධිකරණය නියෝග කළේය.

වරද පිළිගත් විත්තිකරු වූයේ දිවුලපිටිය දෙමන්හන්දිය පදිංචි වෑල්ඩින් ශිල්පියකු වූ ඡේ. එච්. ප්‍රසාද් ගයාන් නොහොත් කුමාර නමැත්තෙකි. 2008 ජුනි මස 19 වැනි දින දෙමන්හන්දිය ප්‍රදේශයේදී විත්තිකරු විසින් තම පෙම්වතියව සිටි පී. රෝෂණී නිලුකා නමැත්තිය ළිඳට දමා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ තිබිණි.

නඩු විභාගයේදී පැමිණිල්ලෙන් අනාවරණය වූ කරුණු අනුව එම වකවානුවේ පැමිණිලිකාරිය සහ විත්තිකරු පෙම්වතුන්ව සිට ඇත. වසර දෙකක පමණ කාලයක්‌ ඔවුන් පෙම්වතුන් ලෙස පසුවෙද්දී පැමිණිලිකාරියගේ දෙමාපියන් පෙමට විරුද්ධවීම හේතුවෙන් එම ප්‍රේම සම්බන්ධය නතරවී ඇත. එයින් කිපුණු විත්තිකරු විසින් පැමිණිලිකාරිය උදෑසන තම නිවස අසල ළිඳ ළඟ මුහුණ සොදද්දී එහි පැමිණ පැමිණිලිකාර පෙම්වතිය ළිඳට තල්ලුකර දමා ඇත.

ඇය ළිඳ තුළට වැටෙද්දී ඉතා ආයාසයෙන් කඹයක එල්ලී යාන්තමින් දිවි බේරාගෙන ඇත. නඩු විභාගය පැවතෙන අවස්‌ථාවන විට ඔවුන් වෙනත් පවුල්වලින් විවාහ වී ඇති බව අනාවරණය වී ඇත. රජයේ අධිනීතිඥ මලික්‌ අසීස්‌ මහතා පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් නීතිඥ දන්ත නිරංජන මහතා පෙනී සිටියේය. අගතියට පත් පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ ලසන්ති ඉඳුනිල් පෙරේරා මහත්මිය. පෙනී සිටියාය. දිවුලපිටිය පොලිසිය පැමිණිල්ලට සහාය විය.

මීගමුව සමූහ - විමල් කීර්ති
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles