Divaina - තම කොට කලිසම සොයා නොදුන්නැයි බිරිඳගේ නාසය කපා වෙන්කළ මාදැල් හිමියා රිමාන්ඩ්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

තමන් ගෙදරට අඳින කොට කලිසම කඩිනමින් සොයා නුදුන්නේ යෑයි කිපී තිදරුමවක වන තම විවාහක බිරිඳගේ නාසය දැල් කපන පිහියෙන් කපා වෙන් කළ මාදැල් හිමියා මේ මස 28 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් ගොඩ්ප්‍රි කුරේ මහතා නියෝග කළේය.

මෙහි පැමිණිල්ල ඉදිරිපත් කළ දුන්ගාල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ජයරත්න සිල්වා මහතාගේ පැමිණිල්ල අනුව මෙම සිද්ධියේ සැකකරු දුන්ගාල්පිටිය සෙත්තපාඩුව යන ප්‍රදේශයේ පදිංචි ඡේ. චමින්ද ක්‍රිස්‌ටෝපර් (46) නමැති ධනවත් මාදැල් හිමියෙකි. මෙම සිද්ධිය වූ පසුගිය 18 දා සැකකරු වැල්ලේ සිට තම නිවසට පැමිණ ඇතතේ බීමතිනි. ඒ පැමිණි විගසම තමා නිවසට අඳින කොට කලිසම වහා සොයා දෙන ලෙසට ඔහු තම බිරිඳට බලකර ඇත. එහෙත් එය සොයාදීම බිරිඳ විසින් ප්‍රමාද කළැයි කිපී මා දැල් හිමියා දැල් කැපීම සඳහා තම කරේ එල්ලා ගෙන තිබූ පිහියෙන් තම බිරිඳගේ නාසය කපා වෙන් කොට බිරිඳගේ ළැම ප්‍රදේශයට පිහියෙන් ඇන තිබේ.

එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම මාදැල් හිමියාගේ බිරිඳ වන ඩබ්ලිව්. නිරෝෂා තිලකා (45) නමැත්තිය වහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැත්කම් දෙකකට ලක්‌කොට ඇති අතර ඇය අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව උප පොලිස්‌ පරීක්‍ෂක ජයරත්න සිල්වා මහතා පැවසීය.

දුන්ගාල්පිටිය පොලීසියේ උප පොලිස්‌ පරීක්‍ෂක ජයරත්න සිල්වා සහ පො. කො. (51761) චන්ද පෙරේරා යන නිලධාරීහු පැමිණිල්ලට සහය වූහ.

මීගමුව සමූහ - විමල් කීර්ති

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles