Divaina - තාත්තාටයි දරුවෝ තුන්දෙනකුටයි ලියුකේමියාව සමෘද්ධියවත් නෑ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p15 1කන්න බොන්න හොයාගන්නෙත්  අහළ පහළට අතපාලා පිහිටක් වුණොත් ලොකු පිනක්

සාමාජිකයින්  හයදෙනකුගෙන් යුත් පවුලක පියා හා දරුවන් තිදෙනකුම ලියුකේමියා රෝගයෙන් පීඩා විඳීම හේතුවෙන් අසරණ වූ පවුලක් පිළිබඳ කතාවක්  පසුගිය දින අපට වාර්තා වූයේ හම්බන්තොට ප‍්‍රදේශයෙනි.

හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ පිහිටි සිරිබෝපුර ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් අංක 74/1,12 කොටස, සිරිබෝපුර, හම්බන්තොට ලිපිනයේ පදිංචි 38 හැවිරිදි එච්.ජේ.ජයන්ත සිව් දරු පියෙකි. දැනට වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ මෙම ස්ථානයේ ස්ථිර පදිංචියේ සිටින මෙම පවුල අද වන විට අන්ත අසරණ තත්වයට පත්ව තිබේ. ඒ ගෘහමූලිකයා වූ 38 හැවිරිදි එච්. ජේ. ජයන්ත මහතා ලියුකේමියා රෝගයට ගොදුරු වීම හා ඔහුගේ තවත් දරුවන් තිදෙනකුම එම රෝගයෙන් පීඩා විඳීම නිසාවෙනි. වසර ගණනාවක්ම මෙම දරුවන්ගේ පියා බ්ලොග් ගල් නිෂ්පාදනය කරන ස්ථානයක දෛනික වැටුපකට සේවක කර ඇති අතර මීට මාස දෙකක පමණ සිට ඔහුගේ රෝගය උත්සන්න වීම හේතුවෙන් ඔහුට ඔහුගේ රැුකියාව කරගත නොහැකිව අසරණ තත්වයට පත්ව තිබේ. අද වන විට අහල පහළ නිවෙස්වලට අත පා ලැබෙන මොනවා හරි කෑමකින් දරුවන්ගේ කුස පිරවීමට මෙම පියාට සිදුව තිබේ.

තමන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව 38 හැවිරිදි එච්.ජේ.ජයන්ත මහතා මෙසේ අදහස් දැක්වීය.

මම අවුරුදු ගාණක්ම බ්ලොග් ගල් වැඩපළක තමයි රැුකියාව කළේ. දිනකට රුපියල් 1500ක වැටුපකට තමයි එහි වැඩ කළේ. මට මේ වන විට 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි දියණියත්, 02 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 07 හැවිරිදි දියණියත් හා අවුරුදු එක හමාරක නිවුන් පිරිමි දරුවන් දෙදෙනකු ඉන්නවා. මේ සියලූම දෙනා මන් රැුක බලා ගත්තේ මගේ රැුකියාවෙන්. නමුත් දැන් මාස දෙක හමාරක ඉඳලා මට මගේ රැුකියාව කරගන්න බැරිවුණා.

ඒ මන් අසනීප වීම හේතුවෙන්. හම්බන්තොට මහ රෝහලෙන් තමයි ප‍්‍රතිකාර ගන්නේ. දැන් මේ වෙනකොට මට මහන්සි වෙලා කිසිඳු වැඩක්

කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් මාසෙක විතර ඉඳලා මගේ දරුවන් සිව්දෙනා ගෙන නිවුන් දරු දෙදෙනා සහ 07 හැවිරිදි දියණියටත් ලියුකේමියා රෝගය තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. ඒ නිසා දැන් අපි මාසෙකට ගමන් කිහිපයක්ම මේ දරුවොත් අරගෙන ක්ලිනික් යනවා. මගේ රෝගී තත්ත්වය නිසා මට රැුකියාවක් කරන්න බෑ. මටත් දරුවන් තුන්දෙනාටමත් ලියුකේමියා රෝගය නිසා වෛද්‍යවරුන් නියම කරලා තියෙන බෙහෙත් ටිකවත් ගන්න විදියක් නෑ. අද වෙනතොට අපි දවසටම කන්නේ එක වේලක් හරි දෙකක් හරි තමයි. ඒකත් කාගෙන් හරි ලැබෙන දෙයකින්. බොහෝ දවස්වලට මමයි නෝනයි දරුවෝ හතර දෙනයි එක්ක පිට ගම්මානවලට ගිහින් අපේ මේ දුක කියලා කන්න බොන්න හා බොහෙත්වල වියදමට කීයක් හරි හොයාගෙන එනවා. නිවුන් දරු දෙදෙනා නම් ලැබුණු දවසේ ඉඳන්ම තවම ක්ලිනික් එකට එක්කගෙන යනවා. විවිධ පරීක්ෂණ කරනවා. මාසෙකට ගමන් තුනක් හතරක් මේ දරුවෝ රෝහලට අරන් යන්න ඕනේ. මට වෛද්‍යවරු රෝහලේ නතර වෙන්න කියලා කිව්වත් මට ඒක කරගන්නවත් විදියක් නෑ. මන් ඉස්පිරිතාලේ නැවතුණොත් මේ දරුවන්ට කන්න බොන්න නෑ. මට මොනවා වුණත් කමක් නෑ. මට ඕනේ මගේ දරුවෝ තුන්දෙනා සනීප

කරගන්නයි. අද වෙනකොට අපි ඉන්න ගෙයත් හොඳටම අබලන් වෙලා. කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න තත්ත්වයේ තමයි තියෙන්නේ. පොඩියට ගෙයක් හදා ගන්න කියලා අත්තිවාරම දැම්මත් ඒකේ බිත්ති ටික බැඳ ගන්න විදියක් නෑ. නිවාස අධිකාරියෙනුත් ගේ හදාගන්න උදව්වක් ඉල්ලූ‍වා. නමුත් පළක් වුණේ නෑ. අද වෙනකම් අපිට සමෘද්ධියවත් ලැබිලා නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට මේ ගේ හදා ගන්න උදව්වක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ යැයි පැවසීය.

ජේ.ඒ.දමයන්ති (31* මහත්මිය මෙසේ පැවසුවාය.

මගේ නිවුන් දරු දෙන්නටත් ලියුකේමියාව කියලා වෛද්‍යවරු කිව්වා. 07 හැවිරිදි දියණියත් දිගින් දිගටම අසනිප වෙනකොට සිදුකළ පරික්ෂණවලදී කිව්වා එයාටත් ලියුකේමියාව තියෙනවා කියලා. අපේ මේ අසරණකමට පිහිටක් වෙන්න කියලයි ඉල්ලන්නේ යැයි ඇය පැවසුවාය.

මේ අසරණ පවුලට උපකාරයක් කිරීමට යමෙක් වේ නම් පහත දුරකතනයට අමතිය හැකිය.0774907330

මත්තල දිලීප් එන්. ජයසේකර
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles