Divaina - පුදුකුඩිඉරිප්පු සභාපතිට මැර ප‍්‍රහාරයක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස්.පේ‍්‍රමකරන් මහතාට කිසියම් පිරිසක විසින් අමානුෂික අන්දමට පහර දුන් බවට ඒ මහතා 22 වැනිදා මාන්කුලම පොලිසියට හා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියාව දිස්ත‍්‍රික් කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

සභාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ මීට දින අටකට ඉහතදී තමන් මුලතිව් තිරුමුරුකණ්ඩි ප‍්‍රදේශයේ ඉඩම් ආරවුලක් පිළිබඳව විමර්ශනයකට ගිය අවස්ථාවේදී නාඳුනන පිරිසක් තමන්ට පහර දුන් බවයි.

ඒ අවස්ථාවේදී තමාට බරපතළ තුවාල සිදුවූ නිසා මුලතිව් රෝහලට ඇතුළත් කළ බවත් ඒ අවස්ථාවේදී මුලතිව් රෝහල් පොලිසියේ නිලධාරීන්ට කට උත්තර දුන් නමුත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නොතිබූ බවත් ඔහු සඳහන් කරයි.

මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙස මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රාදේශීය සභාවේ සභාපති එස්.පේ‍්‍රමකරන් මහතා මාන්කුලම් පොලිසියෙන් හා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියාව දිස්ත‍්‍රික් කාර්යාලයෙන් ඉල්ලා තිබේ.

දිනසේන රතුගමගේ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles