Divaina - කිසිම ත‍්‍රස්තවාදයකට අපි අනුබල දීලා නෑ - ඇමැති රාවුෆ් හකීම් මල්වතු මහනාහිමියන් බැහැදැක කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p15 2කිසිදු ත‍්‍රස්තවාදයකට හෝ ත‍්‍රස්තවාදියකුට තමන් හෝ තම පක්ෂයේ කිසිවකු අනුග‍්‍රහය හෝ අනුබල නොදෙන බවට මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා පෙරේදා (22 වැනිදා* කියා සිටියේය.

තමන් ත‍්‍රස්තවාදීන් හා සම්බන්ධ කරමින් චෝදනා කරන්නේ බංකොළොත් දේශපාලනඥයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් බවත් කී හෙතෙම මෙම ව්‍යාජ කතාවලට ජනතාව රැුවටීමට නොහැකි බවත් කීවේය.

මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා 22 වැනිදා එම අදහස් පළ කළේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහනාහිමියන් මල්වතු මහා විහාරයේදී බැහැදුටු අවස්ථාවේදීය.

පවතින දේශපාලන තත්ත්වය සහ ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මහනාහිමියන් දැනුවත් කිරීම සඳහා ඇමැතිවරයා මල්වතු විහාරයට පැමිණියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති රාවුෆ් හකීම් මහතා මහා නාහිමියන් සමඟ මෙසේ ද කියා සිටියේය.

අපගේ විරුද්ධ පාර්ශ්වය මට ත‍්‍රස්ත චෝදනා කරමින් ගම්බද අහිංසක සිංහල ජනතාව කුපිත කරවන කි‍්‍රයාවලියක නිරත වෙලා සිටිනවා. මම කිසිවිටක එවැනි කටයුත්තක නිරත වෙලා හෝ නිරත වන්නේ නැහැ. දේශපාලනඥයෝ වශයෙන් විවිධ පුද්ගලයන් මුණගැහෙනවා. දැන් මාධ්‍ය තුළ විකාශනය වන සිදුවීම සිදු වූයේ 2015 පශ්චාත් මැතිවරණ කාලයේදීයි.

සහරාන් කියන පුද්ගලයා  මුණගැසුණු සිදුවීම සිදුවූයේ ඒ ප‍්‍රදේශයේ සිදුවුණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා කිහිපයකින් පසුවයි. ඒ ගැන විමසා නිරීක්ෂණය කිරීමට මම එහි ගියා. ඒ අතරේ සහරාන් හිටියා කියලා මම දන්නේ නැහැ. මට මේ වන තෙක් එවැනි චෝදනා තිබුණේ නැහැ. මෙය මට මඩ ගසන්න කරන අභූත චෝදනාවක්.

මහානායක හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් ඇමැති රාවුෆ් හකීම් මහතා -

බංකොළොත් දේශපාලනඥයන් තමයි අපිට මේ මඩ ගහන්නේ. මම පිළිබඳ වැරදි හැඟීමක් ඇති කරන්න හැදුවත් එය මේ වනවිට ව්‍යර්ථ වී තිබෙනවා. අංගුත්තර නිකායේ කාලාම සූත‍්‍රයට අනුව ඇත්ත කුමක්ද කියලා සොයා බලන මෙන් මම ඉල්ලා සිටිනවා.

මම වසර 25 ක පාර්ලිමේන්තු දිවියක් ඇති කෙනෙක්. මේ වගේ චෝදනා මේ වෙනකම් මට නැහැ. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරන පක්ෂයක්. ත‍්‍රස්තවාදීන්ට අපි කිසිසේත් අනුග‍්‍රහ හෝ අනුබල දුන්නේ නැහැ. බංකොළොත් දේශපාලනඥයන් තමයි අපට මෙහෙම මඩ ගහන්නේ.

මෙම අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන ජල මණ්ඩලයේ කි‍්‍රයාකාරි අධ්‍යක්ෂ මහිලාල් සිල්වා මහතා ඇතුළු පිරිසක් එක් වූහ.

සිරිමන්ත රත්නසේකර
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles