Divaina - කිරම දරුවාගේ මළ සිරුරේ කොටස් ඞීඑන්ඒ පරීක්‍ෂණයකට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කටුවන පුවක්ගස්ආර ප‍්‍රදේශයේ නිවසක ජනේලයක එල්ලී අභිරහස් ලෙස මියගොස් සිටි දහතුන් හැවිරිදි දරුවාගේ මෘත දේහයේ කොටස් ඞී.එන්.ඒ. පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමට කටුවන පොලිසිය කටයුතු කර ඇත.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණයේදී ගෙල සිරකර සිදුකළ ඝාතනයක් බවට හෙළි වූ බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු සැකපිට අත්අඩංගුව ගෙන රැුඳවුම් නියෝග මත ප‍්‍රශ්න කරනු ලැබූ බවත් ඉන් සාර්ථක ප‍්‍රතිඵලයක් නොලැබුණු බවත් කටුවන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කෙරෙන පුද්ගලයා  මහියංගණය ප‍්‍රදේශයේ සිට යාබද නිවසක ඥාතියකුගේ නිවසට පැමිණ සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම කීය. සැකකරුගේ ජංගම දුරකථන වාර්තා පරීක්‍ෂා කිරීමේදී එහි දත්ත මකාදමා ඇති නිසා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමත් සැකකරු සම්බන්ධයෙන් මහියංගණ පොලිසියෙන් වාර්තාවක් කැඳවීමටත් කටයුතු කළ බව එම නිලධාරියා පැවැසීය. ඔහු පදරේරුවන් සඳහා අත්උදව්කරුවකු ලෙස සේවය කරන අයකු බවට හඳුනාගෙන ඇතැයි ඔහු කීය.

මෙම දරුවා පසුගිය 19 වැනිදා ජනේලයක එල්ලී මියගොස් සිටියදී සිරුර පොලිිසියට හමු වී ඇති අතර නිවසේ මව, පියා, ආච්චි සහ දරුවන් දෙදෙනකු සිට ඇත. මව එක්දරුවකු සමග නිවසින් බැහැරව ගොස් සිටියදී නිවසේ මියගිය දරුවා සහ ආච්චි සිට ඇත. ආච්චි අම්මා ද දර කැඞීම සඳහා ගොස් සිටියදී දරුවා පමණක් නිවසේ සිට ඇත.

දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර ඞී.එන්.ඒ. පරීක්‍ෂණ වාර්තා හා වෙනත් කරුණු කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කර ඇත. කටුවන පොලිස් ස්ථානාධිපති සුදත් සුදසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් සේනාධීර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

චමින්ද සිල්වා

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles