Divaina - බ්රේක් කළ කාර් එක බවුසරය පැත්තට ගිය නිසා අනිත් පැත්තට කැපුවා - මා වාහනයෙන් බැස්සට පස්සේ දෙදෙනෙක් යටවෙලා ඉන්නවා දැක්කා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- අනතුරට සම්බන්ධ වාහනයේ අය සාක්‍ෂි දෙයි

- රිය අනතුරකින් මියගිය දක්ෂිණ අධිවේගයේ නඩත්තු සේවකයාගේ මරණ පරීක්‍ෂණය

අපි වැඩ කරමින් සිටින විට වාහනයක බ්රේක් ශබ්දයක් ආවා. මම පාරෙන් එහා පැත්තට දිව්වා. මිය ගිය අයත් තවත් අයෙකුත් අතර මැද වැටී සිටියා යැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු සේවයේ යෙදී සිටියදී සිදුවූ හදිසි අනතුරකින් මියගිය අයකුගේ මරණ පරීක්‍ෂණයේදී රත්ගම ගම්මැද්දගොඩ පදිංචි මෙත්තානන්ද සුමිත් ද සිල්වා (අවු 52) යන අය කීවේය. 22 වැනිදා දහවල් 11.30 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගියේ් බද්දේගම වවුලූගල පදිංචිව සිටි සාමන් ප‍්‍රියන්ත සුමනසේකර (අවු. 51) නම් අයෙකි.

මේ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කළුතර තොටමුණ හදිසි මරණ පරීක්‍ෂක එස්. ඒ. කුමසාරු මහතා ඉදිරියේ 22 වැනිදා සවස කළුතර නාගොඩ මහරෝහලේදී පැවැත්වූ අතර එහිදී තවදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද කීය.

මිය ගිය සාමන් අප සමග මාස 5- 6 ක් තිස්සේ වැඩකරනවා. ඔහු රියැදුරෙක් හැටියටත් කම්කරුවෙක් හැටියටත් වැඩ කළා.

සිද්ධිය වූ දින උදේ 7.45 ට සාමන් සහ තව හය දෙනකු අධිවේගී මාර්ගයේ වැඩ කරන්න ආවා. අධිවේගී මාර්ගයේ මැද වැටියේ අපි වැඩ කරමින් සිටියා. මේ වෙලාවේ පාරේ මැද ලයින් එක වහල තිබුණා.

දවල් 11.30 ට විතර වාහනයක් බ්රේක් කරන ශබ්දයක් ආවා. මගේ ළඟ වැඩ කර කර සිටි සාමන්ට මම ‘අයියා වාහනයක් බ්රේක් ගහනවා බලන්න’ කියලා කිව්වා. එතකොටම වාහනයක් කරකැවිලා අපේ දිහාවට ආවා. දුවන්න යැයි කියාගෙන මම පාරෙන් එහා පැත්තට දිව්වා. දුවද්දී මගේ කකුළටත් තුවාල සිදුවුණා.

එතැන හිටපු උපාලි යන අය අල්ලාපන් කියලා කෑ ගැහුවා. ඒ වෙලාවේ මම දැක්කා මිය ගිය අය පාර මැද වැටිලා හිටියා. පාරේ ගිය වාහනයක් නතර කළා. අපි ඒකට තුවාල ලබා සිටි ඥානරත්නව දැම්මා. ඊට පස්සේ ආව පොලිස් වාහනයට සාමන්ව දැම්මා. ඊට පස්සේ සාමන් මිය ගියා කියා දැන ගන්න ලැබුණා.

මෙහිදී ෆිනෑන්ස් සමාගමක කළමනාකරුවකු වූ මල්ලවආරච්චි දොන් ගයාන් චතුරංග යන අය සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

මම 22 වැනිදා උදේ 10.45 ට විතර මගේ කාර් එකෙන් පන්නිපිටිය බලා යෑමට පිටත් වුණා. මම දහවල් 11 ට විතර කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වුණා. මම දොඩම්ගොඩ පසුකරගෙන ටික දුරක් යන විට අධිවේගී මාර්ගයේ කන්ටේනර් රථයක් පාර වම් පැත්තේ නතර කර තිබුණා. අනතුර සිදුවුණාට පස්සේ එතැන සිටිය අය මට බෝඞ් එකක් පෙන්නුවා. මම එම බෝඞ් එක මීට කලින් දැක්කේ නැහැ.

අනතුරුට කලින් කහපාට බවුසරයක් තියෙනවා මම දැක්කා. ඒ වෙලාවේ මම එක්වරම බ්රේක් කළා. බ්රේක් කළාට මගේ කාර් එක බවුසරය පැත්තට ගියා. ඒ නිසා මම අනෙක් පැත්තට කැපුවා. එවිට වාහනට පාර මැද්දට ගියා.

මගේ වාහනයේ යමක් හැපෙනවා මම දැක්කා. ඒ එක්කම වාහනයේ ආරක්ෂා බැලූන් පිම්බුණා. මම වාහනයෙන් බැස්සාට පස්සෙ දෙන්නෙක් පාරේ මැද වැටිලා ඉන්නවා දැක්කා. එතැන හිටි අය තුවාලකරුවන් රෝහලට යැව්වා.

මෙහිදී මිය ගිය අයගේ බිරිඳ වන රූපනිිංගල් අප්සරා කුමුදුනී. (අවු. 41) යන අයද සාක්ෂි දුන්නාය.

මෙහිදී ඉදිරිපත්වූ සාක්ෂි සහ කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛi නිලධාරී එස්. එස්. අත්තනායක මහතා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සළකා බැලූ මරණ පරීක්‍ෂකවරයා මෙය රිය අනතුරක් නිසා හිස් කබලට හා මොළයට තුවාලවීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට නිගමනය කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පොලිස් මුරපොළේ සැරයන් (54550) පෙරේරා මහතා මෙහිදී සාක්ෂි මෙහෙයවීය.

විජයසිරි විද්‍යාසේකර -කළුතර සමූහ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles