Divaina - වෛද්‍යවරයාගේ මෝටර් රථය බෝතලාපිටියේදී දුම්රියේ ගැටේතිදෙනකුට බරපතළයි - ගේට්ටු මුරකරු බීලා නිදා ඉඳලා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p3 1ගම්පොල බෝතලාපිටිය ගේට්ටුවක් නොමැති අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් මෝටර් රථයක් දුම්රියේ ගැටී මීටර් 114 ක් ඇදී ගොස් පෙරළී යාමෙන් එහි ගමන් ගත් වෛද්‍යවරයකු ඇතුළු තිදෙනකු බරපතළ තුවාල ලබා ගම්පොල ශික්‍ෂණ රෝහලට පසුගිය 22 වැනිදා රාත‍්‍රි 10 ට පමණ ඇතුළත් කොට ඇතැයි ගම්පොළ පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ ගම්පොළ බෝතලාපිටිය දේවරාජ මාවතේ පදිංචි මොහොමඞ් සාලි මොහොමඞ් සායික් නමැති 45 හැවිරිදි වෛද්‍යවරයා හා ඔහුගේ ඥාතීන් වන රාසික් සහීර් (46) හා මොහොමඞ් හසන් (43) නමැති තිදෙනායි.

මෙයින් තුවාල ලැබූ වෛද්‍යවරයා ගෙලිඔය ආයුර්වේද රෝහලේ සේවය කරන බව පොලිසිය පවසයි.

මෙම තිදෙනා රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සඳහා එම ප‍්‍රදේශයේම හිතවතකුගේ නිවසකට ගොස් නැවත නිවස වෙත එමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.

බෝතලාපිටිය දේවරාජ මාවතේ දුම්රිය හරස් මාර්ගය සඳහා තිබූ ගේට්ටු දෙකෙන් එකක් අබලන්වී ඇති අතර අනෙක් ගේට්ටුව ගේට්ටුකරු විසින් නොවසා බීමත්ව නිදාගෙන සිටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී ඇත.

මෙහි සිටින ගේට්ටුකරු රාත‍්‍රියේ බීමත්ව සිටින බවත් මේ නිසා එම ස්ථානය අනාරක්‍ෂිත වන බවත් අවස්ථා කිහිපයකදී ප‍්‍රදේශවාසීන් විසින් බලධාරීන්ට පැමිණිලි කර ඇති බවද ඔවූහු පවසති.

දුම්රිය ගේට්ටුකරු ද පොලිසිය මගින් අතඅඩංගුවට ගෙන තිබේ.

මහනුවර සිට නාවලපිටිය දක්වා රාත‍්‍රි ධාවනය වූ දුම්රියට මෙසේ මෙම මෝටර් රථය ගැටී තිබේ.

මෙම තිදෙනාගෙන් එක් අයකු ඉතාමත් බරපතළ තත්ත්වයේ සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

p3 2ගම්පොල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පිරිස්, පොලිස් අධිකාරි චූලනී වීරරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. තුසිත හලංගොඩ රථවාහන අංශ ස්ථානාධිපති පො. ප. සංජීව උ.පො. ප. සමරනායක පො. සැ. (46300) බණ්ඩාර, පො. කො. (46089) අනුර යන නිලධාරිහු පරීක්‍ෂණ පවත්වති.

ගම්පොල - සුරංග දිල්හාන්

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles