Divaina - මෙලනි නැතිව දැල්පන්දු පිටියම පාළුයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

malani555
 
 කිරිඳිවැල - සෝමපාල තැලිගම
 
 ජාත්‍යන්තර දැල් පන්දු (නෙට්බෝල්* කී‍්‍රඩා තරගාවලියේදී විවිධ දස්කම් දැක්වූ ශී‍්‍ර ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ උප නායිකාව වූ 17 හැවිරිදි මෙලනි අමා විජේසිංහ මෙනවිය ඉකුත් 20 දින අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් තමාගේ වේදනාව මෑණියන්ට පවසා සිටියදීම දැයෙන් සමුගෙන ඇත.
 
 කිරිඳිවැල, හංවැල්ල පාරේ, අංක 48/3 පදිංචිව සිටි ඇය මූලික අධ්‍යාපනය කිරිබත්ගොඩ විහාර මහා දේවි විiාලයේ ලබා ඇති අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් උසස් ප‍්‍රතිඵල ලැබූ ඇය කොළඹ විශාඛා මහා විiාලයට ඇතුළත් වී ඇත.
 
 එහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට සාමාර්ථ ලබා ඇති ඇය වයස අවුරුදු 12 දී කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට එක්වූවාය. ඇය ඒ වනවිට පිහිනුම් කී‍්‍රඩාවට මහත් උනන්දුවක් දැක්වූ දැරියකි. ඒ සමගම දැල් පන්දු කී‍්‍රඩාවට එක්වූ ඇය ශී‍්‍ර ලංකාවට අවසන් වරට කීර්තියක් ගෙන දෙමින් 2019 වසරේදී ජපානයේදී පැවැති දැල් පන්දු තරගාවලියේදී ඉතා විශිෂ්ට ලෙස කී‍්‍රඩා කරමින් මහත් අභිමානයක් ගෙන දුන්නාය. ඇය එම කණ්ඩායමේ ළාබාලම කී‍්‍රඩිකාව විය.
 
 2015 වසරේ ජාතික පාසල් ශූරතාවය (අවුරුදු 15 න් පහළ* ජාතික පාසල් (මයිලෝ* සහ 16 න් පහළ (මයිලෝ* කී‍්‍රඩා තරගාවලියෙන් ද තම කණ්ඩායමට විශිෂ්ට ජයක් අත්තකර දීමට ඇය සමත් වූවාය.
 
 කී‍්‍රඩා අමාත්‍යාංශය මගින් පවත්වන ලද 41 වන ජාතික කී‍්‍රඩා උත්සවයේදී 2015 වසරේ බස්නාහිර පළාත් අන්තර් දිස්ති‍්‍රක් දැල් පන්දු කී‍්‍රඩාවලියෙන් ප‍්‍රථම ස්්ථානය ද, 2017 වසරේ බොට්ස්වානාහි පැවැති ලෝක කුසලතා යොවුන් දැල් පන්දු
 
 තරගාවලිය නියෝජනය කිරීම ඇතුළු කී‍්‍රඩා තරග ගණනාවකට ද සහභාගි වූ ඇය 2016 වසරේදී පැවැති පාසල් වර්ණ ප‍්‍රදානයේදී පාසල් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන ලැබූවාය.
 
 ඇයගේ පියා වන ධම්මික නිශාන්ත මහතාද ශී‍්‍ර ලංකා යුද හමුදාවේ පැසි පන්දු කණ්ඩායම නියෝජනය කළ දක්ෂ කී‍්‍රඩකයෙකි. ඔහු මේ වනවිට හමුදා සේවයෙන් විශ‍්‍රාම ගොස් ඇත. ඇයගේ මව වන චන්ද්‍රිකා දමයන්ති තම දියණිය උපන් දිනයේ සිට කළ රැුකියාවෙන් ඉවත් වී සිටී. ඇයට එක් සොහොයුරෙකු සිටින අතර, ඔහු කොළඹ ශාන්ත ජෝසප් විiාලයේ 6 වසරේ ඉගෙනුම ලබයි.
 
 ඇගේ මෑණියන්ගේ සොහොයුරකු වන පූජ්‍ය පල්ලේවෙල චන්දානන්ද හිමියන් පැවසුයේ රටක් ලෝකයත් බැබළවූ ඇය රටත් ලෝකයත් අඳුරු කර දැයෙන් සමුගත් බවයි. කී‍්‍රඩිකාවක් වූ ඇය අනාගතේ වෛiවරියක් වීමට අපේක්ෂාවෙන් සිට ඇත.
 
 එවැනි අපේක්ෂාවන් රැුසක් සමග ජීවිතය ගෙන ගිය ඇය සියල්ල අතහැර අද දින (23 දා* හිරු බැස යන සැඳෑ සමයේ මුළු ප‍්‍රදේශයම අඳුරු කරමින් කිරිඳිවැල පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතය. මෙම කී‍්‍රඩිකාවගේ දස්කම් අගය කරමින් ඇයට අවසන් ගෞරව දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා මහතා ඇතුළු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර දමිත් පි‍්‍රයශාන්ත මහතා ද එම නිවසට පැමිණ සිටියහ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles