Divaina - අයහපත් කාලගුණය නිසා කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තලට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කටුනායක ගුවන් තොටුපළ අවට ප‍්‍රදේශයට 10/21 දින අලූයම පැවති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඊයේ (21 දා* දින උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ අවට ප‍්‍රදේශයට මිලි මීටර් 57 ක වර්ෂාපතනයක් ලැබී තිබූ අතර විශේෂයෙන්ම ගුවන් තොටුපළ අවට ප‍්‍රදේශයේ පැවති අධික වර්ෂාව නිසා ගුවන් යානාවල ගුවන් නියමුවන්ට දුර නොපෙනීමේ තත්වයක් ද පැවතිනි.

මේ නිසා 10/21 දින උදෑසන 6.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. - 266 දරන ගුවන් යානය උදෑසන 6.20 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි. පසුව කාලගුණික තත්වය මඳක් යහපත් වූ පසුව එම ගුවන් යානය උදෑසන 8.10 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත්වී, උදෑසන 8.31 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි. මෙහි මගීහු 192 ක් සිටියහ.

කටුනායක - ටී. කේ. ජී. කපිල

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles