Divaina - දෙමළ සන්ධානයේ යෝජනා ලියැවිල්ල ගෝඨාභය රාජපක්ෂ කියවා බැලූවේවත් නැහැ = කෙහෙළිය රඹුක්වැල්ල

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

දෙමළ සන්ධානය විසින් ගෙන ආ යෝජනා සලකා බලනවා තබා අදාළ ලියැවිල්ල කියවා බැලීමට හෝ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකළ බව සම මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සුළු ජන කොටස් සඳහා ශී‍්‍ර ලංකාව තුළ ජීවත්වීමේ පූර්ණ අයිතිය සපයා ඇති මොහොතක ඔවුන් සමග යෝජනා සම්මත කරගැනීමක් කිසිසේත්ම අවශ්‍ය නැති බවත්, ඒකීය රටක එක් නීතියක් යටතේ ජීවත් වීමට අවශ්‍ය පසුබිම සහ ජාතික ආරක්ෂාව පොදුවේ සැමට සමව ලබා දීමට තමන් කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බවද හෙතෙම කීය.

උතුරු වසන්තය සහ නැගෙනහිර වසන්තය වැනි ක‍්‍රියාදාමයන් යටතේ, දෙමළ ජනතාව වෙනුවෙන් සියලූ පහසුකම් සලසා දීමටත් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩසටහන් හඳුන්වා දීමටත් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ගේ සමයේ කටයුතු සිදු කළ බව කී රඹුක්වැල්ල මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවිටෙකත් දමිළ ජනතාවට අසාධාරණයක් නොකරන බවට ඉඳුරා කියත හැකි බවද කීය.

හෙතෙම මෙම අදහස් ප‍්‍රකාශ කළේ, ඊයේ 21 දා මහනුවර පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පක්ෂ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදීය.

සමන්තී වීරසේකර
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles