Divaina - කාන්තාවගේ අත්බෑගය සොයද්දී පුංචි ලෝකාන්තයෙන් මිනිස්‌ ඇටකටු තොගයක්‌ හමුවෙලා පසුව බලද්දී කාන්තාවත් අතුරුදන්
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල
 
 ලග්ගල පුංචි ලෝකාන්තයෙන් අඩි දෙසිය අසූවක්‌ පමණ පහළ රක්‌ෂිත වනාන්තර ප්‍රදේශයේ තිබී මියගිය පුද්ගලයකුගේ ඇටකටු කොටස්‌ කිහිපයක්‌ ලග්ගල පොලිසිය විසින් 16 දා සොයා ගෙන තිබේ.
 
 ලග්ගල වන සංරක්‌ෂණ නිලධාරීන් විසින් කළ දැනුම් දීමක්‌ මත ලග්ගල පොලිසිය කළ සොයා බැලීමේදී මෙම ඇටකටු හමුවී ඇති අතර ඒ සමග තිබූ රියෑදුරු බලපත්‍රය හා ජංගම දුරකථනය අනුව මියගිය පුද්ගලයා සිස්‌ටන් පෙදෙස අලවතුගොඩ, මහනුවර යන ලිපිනයේ පදිංචි සෙල්වරාඡ් සෙල්වකුමාර් නමැති 21 හැවිරිදි අවිවාහකයකු බවට සොයාගෙන තිබේ.
 
 ඔහු මාතලේ - කොළඹ නගරාන්තර බස්‌ රථයක කොන්දොස්‌තරවරයකු ලෙස රැකියාව කර ඇත. ඔහු මීට වසරකට පමණ පෙර සිට අතුරුදන්aව සිටි බවත් ඒ පිළිබඳව අලවතුගොඩ පොලිසියේ පැමිණිලි කොට පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබූ බවත් මියගිය තැනැත්තාගේ ඥතීහු පවසති.
 
 ඔහුගේ ජංගම දුරකථනයට අදාළ සිම් කාඩ්පතට අදාළ සමාගමෙන් කළ සොයා බැලීමේදී මියගිය තැනැත්තා මීට වසරකට පෙර අවසන් වරට නිවසටත් ප්‍රදේශයේ දුරකථන කාඩ්පතින් ඇමතුම් ගෙන ඇති බව සොයාගෙන පුංචි ලෝකාන්ත ප්‍රදේශයේ සොයා බැලුවද එහිදී කිසිදු තොරතුරක්‌ හමු නොවූ බව මියගිය පුද්ගලයාගේ සහෝදරයා පැවසීය.
 
 ලග්ගල වන සංරක්‌ෂණ නිලධාරීන් 16 වැනිදා පුංචි ලෝකාන්තයේදී හමු වූ ද්‍රවිඩ කාන්තාවක්‌ විසින් සිය මුද්ද සහිත අත් බෑගය ප්‍රපාතයට වැටුණු බව පවසා ඇති අතර එය සොයා බැලීමේදී එවැනි බෑගයක්‌ හමු නොවී මෙම ඇටකටු හමුවී ඇති බවත් පසුව සොයා බැලීමේදී එම කාන්තාව ද අතුරුදන් වී ඇතැයි ලග්aaaගල පොලිසිය පවසයි. මෙම පුද්ගලයා මියගිය හේතුව මෙතෙක්‌ හෙළි වී නැත.
 
 ලග්ගල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක රණවීර මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක චමින්ද මහතා ඇතුළු නිලධාරීන්a කණ්‌ඩායමක්‌ මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles