Divaina - නිරෝගීව සිටි මගේ බිරිඳ මියයෑම අදහා ගන්නත් බැහැ... සැමියා කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

wife222
 
 ‘‘ඉකුත් අඟහරුවාදා (15 දා * උදේ බිරිඳ මට කෝල් එකක් දීලා කීවා මාව මොණරාගල රෝහලට මාරුකළා. මම හොඳින් ඉන්නවා. සමහර විට අද දරුවා ගනීවි කියලා. ඊට පස්සේ මමයි බිරිඳගේ අක්කයි දහවල් දෙකට පමණ මොණරාගල මහ රෝහලට ආවා.
 
 එසේ පැමිණි විට මම දැන ගත්තා මගේ බිරිඳ මියගොස් ඇති බව. බිරිඳ මියයෑමට හේතුව මට දැන ගැනීමට අවශ්‍ය යැයි’’ තම බිරිඳගේ මරණය පිළිබඳව පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඇයගේ සැමියා වන යූ. ඞී. ඉන්දික පේ‍්‍රමතිලක (28* යන අය කියා සිටියේය. කන්දකැටිය, පල්ලේවෙල පදිංචි ඩබ්ලිව්. ආර්. පී. අයිරාංගනී (25* නමැති දෙදරු මවගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක සුමනසිරි ගුණතිලක මහතා විසින් මොණරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී පවත්වන ලදී.
 
 ‘‘බිරිඳ කිව්වා කොන්ද කැක්කුමයි කියලා. පසුව මමයි, අක්කයි ත‍්‍රීවිල් රථයකින් ඇයව මහියංගණය රෝහලට කැටුවගොස් නතර කළා. සවස බිරිඳ බලන්න බිරිඳගෙ අක්කත් සමඟ නැවත රෝහලට ආවා. ඇය හොඳින් සිටියා.
 
 පසුදින උදේ (15 දා* මම මහියංගණය රෝහලට බිරිඳ බලන්න ආවා. එවිට දැනගත්තා බිරිඳ මොනරාගල මහ රෝහලට මාරුකර ඇති බව. උදේ හතට විතර බිරිඳ මට කෝල් එකක් දීලා කීවා ඇය මොණරාගල රෝහලේ හොඳින් ඉන්න බවත් සමහරවිට අද දරුවා ගනීවි කියලා. එදින සවස දෙකට පමණ අපි කීප දෙනෙක් මොනරාගල රෝහලට ආවා. වෛද්‍යවරියක් ඇතුළු වෛද්‍යවරුන් පස් දෙනෙකු මාව කාමරයකට කැඳවාගෙන ගොස් කීවා ඔයාගේ බිරිඳව බේරගන්න ගොඩාක් උත්සාහ කළා. නමුත් බිරිඳ මියගියා කියලා. බිරිඳට ලැබුණු දියණිය හොඳින් සිටින බවත් කීවා. පසුව මම රෝහල් මෘත ශරීරාගාරයට ගොස් බිරිඳගේ මෘතදේහය බැලූවා. රෝහලට ඇතුළත් කරන විටදී ඉතාමත් සතුටින් හා නිරෝගීව සිටි මගේ බිරිඳ මෙසේ මියයෑම මට අදහාගන්නත් බැහැ. ඇය මියයෑමට හේතුව මට දැනගන්නට ඕන. ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස මා ඉල්ලා සිටිනවා.’’
 
 මියගිය අයගේ සහෝදරියක වන ඩබ්ලිව්. ආර්. පී. මාලනී (36* මහත්මියද සාක්ෂි දුන්නාය. මියගිය කාන්තාවගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මොණරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා විසින් පවත්වන ලද අතර මෘත ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පටකවේදී ඒකකයට යොමු කරන බව දන්වන ලදී. ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂකවරයා විසින් විවෘත තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරන ලදී. කන්දකැටිය පොලිසියේ පොලිස් සැරයන් (19798* එස්. එම්. එම්. සුරවීර මහතා සාක්ෂි මෙහෙයවීය.

 


sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles