Divaina - පුරාවිද්‍යා අවසර නොගෙන ගාලූ කොටුවේ අලූත් වැඩියාවක්‌ කළ කාන්තාවට දඩය පනස් දහසයි!

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අහංගම සුගතපාල දීයගහගේ
 
galle135 පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාගේ නිසි අවසරයකින් තොරව ගාලූ‍ කොටුවේ ගොඩනැගිල්ලක් අලූ‍ත් වැඩියා කිරීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රුපියල් පනස් දහසක දඩයක් නියම කළේය.
 
 මෙසේ දඩ නියම වූයේ ගාල්ල ක‍්‍රිප්ස් පාරේ ගයනි තරංගා එදිරිසිංහ නමැති අයටය.
 
 එම කාන්තාව ගාලූ‍ කොටුවේ තරුණ බෞද්ධ සමිති ගොඩනැ`ගිල්ලේ කඩ කාමරයක් අවුරුදු 15කට බදුගෙන සිටියදී එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයට යන පඩිපෙළ අලූ‍ත් වැඩියා කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා සහකාර කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිසියේ පුරාවිද්‍යා ඒකකය විසින් මෙම නඩුව පවරා තිබිණි.
 
 එම කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ ඇය කිසි`දු පුරාවස්තුවකට හානියක් කර නොමැති බවයිග ඉහළ මහලයේ පිහිටි ධර්ම ශාලාවට යන පඩි පෙළ අලූ‍ත් වැඩියා කර ඇති බවත් එම නීීතීඥයෝ සඳහන් කළහග එය ඉතා සද් භාවයෙන් කර ඇති බව ද නීතිඥවරු කියා සිටියහ.
 
 ගාල්ල පොලිසියේ පුරාවස්තු ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගලප්පත්ති මහතා පැමිණිල්ල මෙහයවූ අතර විත්තිකාරිය වෙනුවෙන් ප‍්‍රදීප මදනායකල ඒගපීගජීගසරත්චන්ද්‍රල වේරහැර අවන්ති තරංගා හැන්නදි යන නීතීඥ මහත්ම මහත්මිහු පෙනී සිටියහ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles