Divaina - දරුවන් නොමැති මුස්‌ලිම් යුවළකට දමිළ මව විකිණූ දරුවා ටිකිරි ළමා නිවාසයට
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 ගම්පොළ - සුරංග දිල්හාන්
 
bebs දරුවන් නොමැති යුවළකට රු. 40,000 ක මුදලකට දරුවකු විකිණීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ගම්පොල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කළ තිදෙනකුට ශරීර ඇප නියම කොට සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‌ෂණයක්‌ කරනතුරු එම දරුවා මහනුවර ටිකිරි ළමා නිවාසයේ රඳවා තබන ලෙස ගම්පොළ දිසා විනිසුරු ශ්‍රිනිත් විඡේසේකර මහතා නියෝග කළේය.
 
 ගම්පොළ රෝහලේදී පසුගිය සැප්තැම්බර් මස 11 දින ඉපදී ඇති මෙම දරුවා ඉපදී දින 5 කින් මහනුවර කටු කැලේ ප්‍රදේශයේ දරුවන් නොමැති යුවළකට විකුණා තිබිණි. මේ සඳහා අතරමැදියකු මැදිහත් වී ඇති අතර දරුවා එම යුවළට භාරදීම නීතිඥවරයකුගේ ලිපියක්‌ අනුව සිදු කර ඇත.
 
 දරුවා විකිණූ මව ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන අතර ඇයට තවත් දරුවන් දෙදෙනකු සිටින බව පරීක්‌ෂණවලින් හෙළි වී තිබේ.
 
 තුන්වන දරුවා වන මෙම දරුවා හදා වඩා ගැනීමට නොහැකිව දැඩි ආර්ථික අපහසුතා නිසා මෙසේ එම යුවළට ලබාදීම සිදු කර ඇත.
 
 දරුවන් නොමැති මෙම යුවළට එක්‌ වරම දරුවකු සිටීම දුටු අයකු මේ සම්බන්ධයෙන් 119 පොලිස්‌ හදිසි ඇමතුම් අංශය වෙත දැන්වීම නිසා මහනුවර ළමා හා කාන්තා අංශයේ නිලධාරීන් පැමිණ එම දරුවා සහ යුවළ පොලිස්‌ භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී කරුණු හෙළි වී තිබේ.
 
 ඒ අනුව සිද්ධියට සම්බන්ධ මව, අතරමැදියා හා දරුවා හදා ගැනීමට ගත් මව අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙම සිද්ධිය ගම්පොළ ප්‍රදේශයේ සිදුවීමක්‌ හෙයින් මොවුන් ගම්පොළ පොලිසිය වෙත භාරදීමට කටයුතු කිරීමෙන් පසු ගම්පොළ පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
 
 දෙමළ ජාතික පවුලක්‌ විසින් මුස්‌ලිම් පවුලකට මෙම දරුවා ලබාදී තිබූ අතර පිරිමි දරුවකු වන එම දරුවා කුල වද්දා ගැනීමට කටයුතු සිදු කර ඇති බව ද පොලිස්‌ පරීක්‌ෂණවලින් හෙළි වී ඇත.
 
 ගම්පොළ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ශ්‍රියන්ත පීරිස්‌, පොලිස්‌ අධිකාරි චුලනී වීරරත්න, ගම්පොළ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. තුසිත හලංගොඩ යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති කපිල බණ්‌ඩාර මහතා ඇතුළු නිලධාරීහු මෙහි පරීක්‌ෂණ කටයුතු සිදු කරති.
උත්සවයට සහභාගි වූහ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles