Divaina - සිම් කාඞ් ජිල්මාට්....!
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්ගකේ කළුආරචිචි
 
sim සොරකම් කරනු ලැබූ දුරකථන සිම් කාඞ්පත් අලෙවි කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
 
 නුගදුව ප‍්‍රදේශයේ වෙළෙඳසලක් බිඳ රුපියල් හය දහසක මුදලක් හා රුපියල් පහළොස් දහසක් වටිනා ජංගම දුරකථන සිම් කාඞ්පත් සොරකම් කොට තිබුණි. පොලිසිය විමර්ශනයක් සිදුකොට සොරකම් කරනු ලැබූ දුරකථන සිම්කාඞ්පත් දෙනියාය ප‍්‍රදේශයේ භාවිතා වන බවට අනාවරණය කර ගත්හ. පසුව එම සිම්කාඞ් පත් හිමියන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන සිම්කාඞ්පත් අලෙවි කළ පුද්ගලයා දෙනියාය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
 
 වෙළෙඳ සලෙන් දුරකථන සිම්කාඞ්පත් සොරකම් කළ පුද්ගලයා පිළිබඳ අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භකොට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 
 ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින්ද කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ උගපොගප උදයකුමාරල පොගසැ :8937ෆ පේ‍්‍රමරත්නල පොගකො :84803ෆ ආරියරත්න යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles